japan

ජපානයේ යුද අභ්‍යාසක්

චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර…

joo-baind-wesak

ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල්  බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර…

MV-X-Press-Pearl
|

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
|

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට

මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය. 81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය. රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී…

cyber-attack katha puwath

ගුවන් මගීන් ලක්ෂ 45කගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සයිබර් ප්‍රහාරය

එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 45ක පමණ පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබේ. එම ගුවන් සමාගම සතු වසර 10ක තොරතුරු පද්ධතියක් එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නිරාවරණය වී ඇති බව වාර්තා වේ. 2011 වසරේ අගෝස්තු 26 වැනිදා සිට 2021 පෙබරවාරි මස 3 වනදා දක්වා වූ කාලය තුළ ගුවන් මගීන්…

kaludilira

ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්

මාරාන්තික කළු දිලීර රෝගය ආසාදිතවූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. රෝගය වැළදුණු පුද්ගලයින්ගේ මරණ අනුපාතය 50%…

corona-vaccine
|

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් බෙදා හැරීමට සුදානමක්

තම රට තුළකොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකානු පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට…

doctors

කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරු 7ක් මරුට

ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි. දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 329කි. ඒ අනුව ගෙවුණු දින කිහිපයේදී එක් දිනකට වෛද්‍යවරුන් 20දෙනා බැගින් මියගොස් තිබේ. මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් හත් දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් බව අද වාර්තා විය.

uwahan

ලොවක් එක්තැන් කල වූහාන් නගරයට ⁣ටෝර්නාඩෝවක් බැටදෙයි

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට ටොර්නාඩෝ කුණාටුවකින් හානි සිදුවී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් සුළං හමාගොස් ඇති බවයි. මෙහිදී පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තවත් 280 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. නිවාස 27 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 130කට පමඛ හානි සිදුව…

ennathkaranaya

කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය

කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන…