කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය
කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන…