U.S. police beat five-year-old boy

ඇමෙරිකානු පොලිසිය පස් හැවිරිදි දරුවකුට පහර දෙයි

ඇමෙරිකාවේ මේරිලන්ඞ් ප‍්‍රදේශයේ පාසලක සිට නිවස වෙත යමින් සිටි පස් හැවිරිදි දරුවකුට පොලිස් නිලධාරීන් දෙදෙනකු පහරදීමේ සිද්ධියක් අනාවරණය වේ. මෙම පහරදීමට අදාළ වීඩියෝ පටය  මොන්ටිගෝමරි පොලිසිය ප‍්‍රකාශයයට පත් කර ඇත. එම පස් හැවිරිදි දරුවා හඬද්දී පවා පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

හොංකොං මැතිවරණ නීති සංශෝධනය කරයි

හොංකොංහි මැතිවරණ නීතිය සං‍ශෝධනය කිරීමට චීනය  පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පනත් කෙටුම් පත චීනයේ තීන්දු තීරණ ගැනීමේ ඉහළ ම ඒකකය වන ජාතික මහජන කොංග්‍රසයේදී එකමතිකව සම්මත වූ බවයි. මෙම ක්‍රියාමාර්ගය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක් බව මේ පිළිබඳව අදහස් පළ කරමින් අ‌මෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ය. හොංකොං ‍සැල‍කෙන්නේ චිනයට…

katholika
|

කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බව පූජකතුමා පවසා තිබේ. ඉන්දුනීසියාවේ, මකාසර්…

france

කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදි තම රජය අසාර්ථක වු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිළිගෙන තිබේ. එරට මාධ්‍යට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එන්නත් මිලදීගැනීමට සහ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරිමට තම රජය ප්‍රමාද වු බවය.

corona-ennatha

කොවිඩ් එන්නත ව්‍යාප්තියට යුරෝපා සංගමය සූදානම් වෙයි

යුරෝපා සංගම් නායකයන් කොවිඩ් එන්නත් සැපයීම ඉහළ නැංවීම සහ රටවල් 27ක පොකුර පුරා මාත්‍රාව වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එක්සත් රාජධානියට සැපයුමට බලපාන එන්නත් අපනයනය පාලනය කිරීම සඳහා වන සැලසුම්වලට සහාය දෙන ලෙස යුරෝපා කොමිසම  නායකයන්ගෙන් ඉල්ලා ඇත.

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර ඇති බව එක්සත් ජනපදය හා ජපානය පවසයි. ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු සිදු වූ එවැනි පළමු පරීක්ෂණය ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුද ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම ප්යොංයැං වෙත තහනම් කර ඇත. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම…

corona1

ඉන්දියාවෙන් ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් – පැය 24 තුලදී ආසාදිතයින් 50,000ක්

දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී…

nijer

නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි

නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබේ. එරට පොලිසිය පැවසුවේ වෙඩික්කරුවෙක් විසින් වෙළෙඳ සංකීර්ණයක දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය. වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු විසින් සිය අපරාධය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ. වෙඩිතැබීම…

miyanmar

මියන්මාරයේ බී.බී.සී වාර්තාකරු අතුරුදන්

බී.බී.සී බුරුම සේවයේ වාර්තාකරුවෙකු මියන්මාර් ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ. අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාකරු සොයාගැනීම සඳහා සහාය වන ලෙස බී.බී.සී සේවය බලධාරීන්ගෙන්…