ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්
|

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබේ. මේ නිසා මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර භූමිකම්පාවෙන් ටික වේලාවකට පසු මීටර් 1 ක් (අඩි 3.2 ක්) දක්වා සුනාමි රළ ගොඩබිමට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

tanisiya

ටැන්සානියාවේ ජනපති මරුට

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඩාර් එස් සලාම්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උප ජනපතිනි සමියා සුලූහු හසන්  විසිනි. ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

corona-Vaccination

තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි

ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…

corona
|

ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්

කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි. මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති. එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය…

world health organization latest news
|

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පවසයි.

corona
|

එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්‍රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…

miyanmar

මියන්මාර හමුදා පාලනය 70 දෙනෙකු මරා දමයි

පසුගිය පෙබරවාරියේ මිලිටරි ජුන්ටාව විසින් මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව, මේ දක්වා පුද්ගලයන් 70 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ දී මානව හිමිකම් සැසිවාරය අමතමින්, ප‍්‍රබල මානවහිමිකම් කි‍්‍රයාකාරිකයෙකු පවසා ඇත්තේ, මේ වන විට මියන්මාරය පාලනය කරන්නේ අනීතික මිනීමරුවන් පිරිසක් විසින් බවයි. මියගිය පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු විසි පහට වඩා අඩු…

myanmar

මියන්මාර් විරෝධතාකරුවෝ පිට වීමට නොහැකිව හිර වෙති

හමුදාව රැකවල් තර කිරීම නිසා සිර වී සිටි මියන්මාර් විරෝධතාකරුවන් දුසිම් ගණනක් මේ වන විට එම ස්ථානයෙන් පලා ගොස් ඇත. තවත් සමහරු රාත්‍රියේ නිහඬ පැයවලදී පොලිස් බලය අඩුවෙද්දී පැන යෑමට සමත් වූහ. එක් විරෝධතාකරුවෙක් බීබීසීයට පැවසුවේ දේශීය වේලාවෙන් 06:30ට පිටත්ව යා ගත හැකි වූ බවයි. ආරක්ෂක අංශ අලුයම එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව ඔහු…

burka

නිකාබය සහ බුර්කාව මහජනයා ගැවසෙන ස්ථානවල තහනම්

මහජනතාව ගැවසෙන සියලුම ස්ථානවල මුහුණු ආවරණ (නිකාබය සහ බුර්කාව) පැළඳීම තහනම් කිරීමට ස්විස්ටර්ලන්ත වැසියෝ ජනමතවිචාරණයකදී අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව මහජනතාව ගැවසෙන ස්ථානවල – වීථි, රජයේ කාර්යාල, පොදු ප්‍රවාහන සේවා. භෝජනාගාර, කඩ සාප්පු, සහ ග්‍රාමීය ප්‍රදේශ ඊට ඇතුළත්ය.  

miyanmar

හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මියන්මාරයේ සිදුවූ දරුණුතම සිදුවීම

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණයන් සීඝ්‍රයෙන් දැඩි වෙමින් පවතී. එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවය. Save the children  ආයතනය ප්‍රකාශ කර සිටින්නේ වයස අවුරුදු 14 සහ 17 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු මෙහිදී…