නවසීලන්තයට සුනාමියක්
|

නවසීලන්තයට සුනාමියක්

උතුරු දිග නවසීලන්ත මුහුදේ අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් මැග්නිටියුඩ් 8.1ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා. ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2…

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට

සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී. මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන…

ප්‍රංශ ජනපති ට සිර දඬුවම්

ප්‍රංශ ජනපති ට සිර දඬුවම්

ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය . 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා ය. අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය…

miyanmar

මියන්මාරයේ පොලීසිය ජීව උණ්ඩ යොදා උද්ඝෝෂකයින්ට වෙඩි තබයි

මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීමෙන් පසුව එළැඹුණු අඳුරුතම දිනය ඊයේ (28) දිනයේ දී උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමුදා පාලනයට එරෙහි අද පැවැති උද්ඝෝෂණ අතර සිදු වූ ගැටුම්වලදි මියන්මාර පොලීසිය විසින් ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ. මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ…

කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ

කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් ගෙන තිබේ.

අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය. ප්‍රහාරයෙන්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ. පෙන්ටගන්…

corona-ennatha

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක්…

නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය

නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙනි.

japancorona

ජපානයෙන් විකෘති කොරෝනා ප්‍රභේදයක්

කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි. කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු  හමුවුණු බව විදෙස් වාර්තා සදහන් කරයි.  

imrankan

පාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය. මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට…