අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි. හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
|

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට

හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…

නීතිවේදී යුවළක් ඝාතනය කරති

නීතිවේදී යුවළක් ඝාතනය කරති

ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවලක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇත. වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවල මෙලෙස ඝාතනය වී තිබේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ටි‍්‍රය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී ඇත.

coronavirus news

දකුණු අප්‍රිකාවේ කොරෝනා නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයට

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවී තිබේ. එංගලන්තයෙන් ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව වාර්තා වේ. B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස්…

beera

වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්

වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

corona2

B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ

කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්‍රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඔලිම්පික් පිහිනුම් ශූරයකු අත්අඩංගුවට

ඔලිම්පික් පිහිනුම් ශූරයකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ඔලිම්පික් රිදී පදක්කම් ලාභී පිහිනුම් ශූරයකු වූ ස්කොට් මිලර් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට සිඩ්නි පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර් 100 සමනල ආර ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 100 සහාය මෙඩ්ලි තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ 45 හැවිරිදි මිලර් අමෙරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුතු ‘අයිස්‘ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී…

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කිරීමේ චෝදනාව මත ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී. ජේ. ඩුක්ලෝ පඩි රහිතව තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු සේවයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න නැඟීමේ දී තාරා පැල්මෙරී නම් දේශපාලන ජනමාධ්‍යවේදිනීයට ඇයව විනාශ කරන බවට ඩුක්ලෝ තර්ජනය කර ඇතැයි වාර්තාවේ. 32 හැවිරිදි ඩුක්ලෝ ට්වීටර් පණිඩුවයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත,…

bbc

චීනය තුළ BBCය lock down

චීනය තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙනඇති බව  මාධ්‍ය වාර්තාකර ඇත. BBC ලෝක සේවය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින්  මේ සම්බන්ධයෙන්…

යුරෝපයේ වයස්ගතම පුද්ගලයා කොවිඩ්වලින් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ගලයා කොවිඩ්වලින් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් – 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ. මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනි. ඇය රැදී සිටි ශාන්ත-කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ. ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත…