යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්

යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්

කොරෝනා මර්දන එන්නත් අපනයනය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි. ඒ , Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී ඇති පසුබිමකදී ය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ට ලබාදීමට පොරොන්දු වූ එන්නත් සංඛ්‍යාව කප්පාදු කිරීමට AstraZeneca එන්නත් නිෂ්පාදකයින් පියවර ගැනීම ඊට හේතුවයි. එන්නත් නිෂ්පාදන සමාගම පවසන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේ දුර්වලතා මීට…

බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්
|

බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්

ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන්…

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට  ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකානු ජනපතිට කොවිඩ්

මෙක්සිකානු ජනපතිට කොවිඩ්

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

moris2

නව කොරෝනා ප්‍රභේදය වඩාත් මාරාන්තික වෙයි

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි. කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන්…

මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි

මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි

කොවිඩ්-19 මර්දන මොඩර්නා  එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. එන්නත ලබාගත් පුද්ගලයින් ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව එරට බලධාරීන් පැවසීය. කැලිෆෝනියා හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය අංශ විසින් විමර්ශන ආරම්භකර තිබේ.  

US CIA chief resigns

අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.

Coronavirus-in-India

ඉන්දීය කොවිඩ් එන්නත්කරනයෙන් 51කට ආසාත්මිකතා

කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් 51 දෙනෙකු ආසාත්මිකතාවන් පෙන්නුම් කරඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. කෙසේවෙතත් ඉන් එක් අයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරඇති බව බලධාරින් සඳහන්කර තිබේ. ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරන වැඩ සටහන (16) දිනයේ ආරම්භ කෙරුණි. පළමු දිනය තුළ ලක්ෂ 2කට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට ඉන්දියාව සමත් වූ බව…

Security in the United States

අමෙරිකාවේ ආරක්ෂාව වැඩි කෙරේ

අමෙරිකානු අභිනව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ. ඇතැම් වෙළෙඳසැල් වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙනඇති අතර වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා…