Security in the United States

අමෙරිකාවේ ආරක්ෂාව වැඩි කෙරේ

අමෙරිකානු අභිනව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ. ඇතැම් වෙළෙඳසැල් වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙනඇති අතර වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා…

පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක්‌ පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට…

කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී

කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී

සාගරයට කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගෙන තිබේ. යානය කඩාවැටුණු ප්‍රදේශයේ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින විදෙස් වාර්තා සඳහන් කළේය. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් එස් ජේ 182 යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබුණි. යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත. යානයේ ගමන්ගත් පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු…

Coronavirus-in-India

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 9 ඉක්මවයි

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450 ලෙස වාර්තා විය. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි. ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ. අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.

Corona virus outbreak in Ukraine on the rise

යුක්‍රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට

යුක්‍රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.

අමෙරිකාවට දොස්

අමෙරිකාවට දොස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීම ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. වොෂින්ටන් නුවර කැපිටල් හිල් විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට ලක් වූයේ, අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දෙන කැරළිකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා…

එංගලන්ත වැසියන් නිවෙස්වල කොටුවෙයි

එංගලන්ත වැසියන් නිවෙස්වල කොටුවෙයි

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇතිඅතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

අමනුෂ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්

බටහිර පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ එසේ මරාදමා ඇත්තේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකු බවය. එම පුද්ගලයින් ව ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (02) වෙඩිතබා ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය. මෙම…

කොරෝනා මර්දනයට එන්නත් දෙකකට අනුමැතිය

කොරෝනා මර්දනයට එන්නත් දෙකකට අනුමැතිය

‘කොවිඩ්-19’ මර්දනය සඳහා ඉන්දියාව ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකකට අනුමැතිය ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමගාම නිෂ්පාදනය කළ ‘කොවිෂීල්ඩ්’ සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවැක්සීන්’ එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ජනරාල්වරයාගේ අනුමැතිය හිමි වී තිබේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. ‘භාරත් බයෝටෙක්’…

ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං ටත් කොරෝනා

ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං ටත් කොරෝනා

අමෙරිකානු ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු මේ වන විට ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1970 දශකයේදී ආරම්භ කළ ලැරී කිං ෂෝ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔහු ලොව පුරා කීර්තියට පත්විය.