ලිංගික ප්‍රශ්නවලට පුවත්පත් කොලමකින් පිළිතුරු දුන් ලිංගිකවේදියා මියයයි

ලිංගික ප්‍රශ්නවලට පුවත්පත් කොලමකින් පිළිතුරු දුන් ලිංගිකවේදියා මියයයි

මිනිසුන්ගේ ලිංගික ප්‍රශ්නවලට පුවත්පත් කොලමක් හරහා පිළිතුරු සපයමින් ජනප්‍රියත්වයට පත් ඉන්දියාවේ ලිංගිකවේදියකු වයස අවුරුදු 96ක් ව සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබේ. වෛද්‍ය මහින්දර් වට්සා පුහුණු ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙකි. “ආස්ක් ද සෙක්ස්පර්ට්“ නම් ඔහුගේ ජනප්‍රිය කොලම වසර 10කට අධික කාලයක් පුවත්පතේ පළවිය. දස දහස් ගණන් ඉන්දියානුවන් ඉදිරිපත් කළ කනස්සල්ලට පත් වූ ප්‍රශ්නවලට බුද්ධිමත්ව සහ…

නත්තල් සීයා කොරෝනා බෝ කරලා

නත්තල් සීයා කොරෝනා බෝ කරලා

නතතල් දිනයේ දී බෙල්ජියමේ ඇන්ට්ටර්ස් නගරයේ වැඩිහිටි නිවාසයකට තෑගි බෙදා දීමට ගිය නත්තල් සීයකු නිසා එම නිවාසයේ රැඳී සිටි එකසිය පනස් හත් දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඉන් දහ අට දෙනකු මේ වන විටත් මරණයට පත් වී තිබේ. රෝගය ආසාදනය වූ අයගෙන් එකසිය විසි එක්දෙනෙක් එහි නේවාසික වැඩිහිටියන් වන අතර ඉතිරි තිස්හය දෙනා එහි සේවකයෝ…

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ. රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත. අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ…

කළු ජාතිකයකු වූ නිසා ප්‍රතිකාර නොලැබූ වෙෙද්‍යවරිය මිය යයි

කළු ජාතිකයකු වූ නිසා ප්‍රතිකාර නොලැබූ වෙෙද්‍යවරිය මිය යයි

ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත. මියයෑමට පෙර ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි. සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි
|

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි

“අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන්. අනිවාර්යයෙන් ම ඔහු දරුවන්ට තෑගි අරන් ඒවි.” ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර නත්තල වෙනුවෙන් දරුවන්ට දුන් උපදේශන පණිවුඩය මෙන්න.

cyber
|

වෙබ් අඩවි 50කට සයිබර් ප්‍රහාරයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි 50කට  ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි. SOLAR WINDS නම්​ ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්‍රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා…

ජනතාවට පෙර කොරෝනා එන්නත ගත් ඊශ්‍රායල අගමැති

ජනතාවට පෙර කොරෝනා එන්නත ගත් ඊශ්‍රායල අගමැති

සිය රටේ ජනතාවට කොරෝනා එන්නත ලබාගත යුතුය යන්න ආදර්ශය දීම සඳහා ඊශ්‍රායලයේ කොරෝනා එන්නත ගත් පළමු පුද්ගලයා බවට පත්වීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතින්යාහු සමත්ව තිබේ. කොරෝනා එන්නත් සමාජයට ලබා දීමේ සාමාරම්භ උත්සවයේ දී ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත ලෙස හැඳින්වූ ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිපදවන ලද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගනිමිනි. කොරෝනා නම් අන්ධකාරයෙන් ආලෝකයට…

උත්සව සමය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසයි

උත්සව සමය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසයි

නව අවුරුදු කාලසීමාව තුළ රට වසා දැමීමට ඉතාලි බලධාරීන් නියෝග කළේය. උත්සව සමය තුළ, අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසා තබන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. ඉතාලිය තුළ කොවිඩ් වෛරසය අවදානම් මට්ටමක පවතින බැවින් උත්සව සමය තුළ මෙම තීරණය ගත් බව සදහන්.

Corona vaccine
|

කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා

ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින්  වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…

Coronavirus-in-India

ඉන්දියාවේ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබේ. ගත වු පැය 24 තුළ හඳුනාගත් නව ආසාදිතයින් 26,991 සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,004,825 ක් බව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ඉන්දියාවයි.