සරාගී නිළිය නිවසේම ඝාතනය වෙයි

සරාගී නිළිය නිවසේම ඝාතනය වෙයි

ඉන්දියානු සිනමාවේ සුරූපි නිළියක් වන ආර්යා බැනර්ජීව ඇයට අයත් මහල් නිවාස සංකීර්ණයේ නිවසේ දී ඝාතනය කර තිබියදී සොයා ගෙන තිබේ. ඇයගේ දුරකථනයට දිගින් දිගටම පැමිණි ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අසල්වාසීන් ඇයගේ නිවසට ගොස් කතා කර ඇති අතර කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් කොල්කටා පොලීසිය වෙත දන්වා තිබුණි. ඇය බොහෝ අවස්ථාවන් හී තනිවම ජීවත් වීමට කැමැත්තක් දැක්වූ…

ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව ඊයේ  (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

Coronavirus3

ජර්මනියේ කොරෝනා මරණ  ඉහළට

නත්තලට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජර්මනියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 585 ක් සහ නව ආසාදිතයන් 29875 ක් වාර්තා වූ අතර එය එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ. ඉකුත් නොවැම්බර් මස සිට අර්ධ ලෙස රට වසා…

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා

ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ හසන් ඩයබ්, හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් සහ පොදු කාර්යයන් සම්බන්ද අමාත්‍යවරුන් දෙදෙනකු වන යූසෙෆ් ෆෙනියානොස් හා ගාසි සයිටර් යන…

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඊයේ ප.ව. 1.00 ට මුල් ගල තැබීය. මේ උත්සවය ප.ව. 12.55ට ආරම්භ වූ අතර සර්ව ආගමික යාඥා මෙහෙය ප.ව. 1.30ට ආරම්භ විය. ඉදිරියේ දී සභා මන්දිරය ලෙස හැඳින්වීමට නියමිත මේ නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට වසර 6ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. නිදහස ලබා 75 වැනි සංවත්සරය පැවැත්වෙන…

පුපුරවා දැමූ ආදිවාසි ගුහා යළි ගොඩනගන්නයි ඕස්ට්‍රේලියාව කියයි

පුපුරවා දැමූ ආදිවාසි ගුහා යළි ගොඩනගන්නයි ඕස්ට්‍රේලියාව කියයි

ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය.මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස්…

ෆයිසර් එන්නතට කැනඩාවෙත් අනුමැතිය

ෆයිසර් එන්නතට කැනඩාවෙත් අනුමැතිය

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට කැනඩාව ද සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට සෞඛ්‍ය අංශ විසින් මෙම කොවිඩ් එන්නත හඳුන්වා දී ඇත්තේ, මෙය කොවිඩ් නයින්ටීන් මර්දනයේ සංධිසථානනයක් ලෙසයි.

හඳුනානොගත් රෝගයේ ආසිදිතයින් 300ක් වෙයි

හඳුනානොගත් රෝගයේ ආසිදිතයින් 300ක් වෙයි

අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි “එලුරු” නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති…

හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්

හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ. එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත. රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.

china-moon

චීන්නූ සඳ මත ධජ ඔසවයි

චීනය සිය ධජය සඳ මත එසවූ දෙවන රට බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්වුයේ 1969 වසරේ දී සඳ තරණය කළේ ගගනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාවය. එහිදී සිය ධජය සඳ මත එසවීමට අමෙරිකානු ගගනගාමීන් සමත් විය. චීනය ගගනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය…