අමලා පෝල් පින්තූර පටලැවිල්ලක

අමලා පෝල් පින්තූර පටලැවිල්ලක

ජනප්‍රිය දමිල, තෙළෙඟු චිත්‍රපට රැසක දකින්නට ලැබුන සුරූපි අමලා පෝල් මේ වනවිට මුම්බායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. එයට හේතුව වී ඇත්තේ අමලාගේ හිටපු පෙම්වතා වන භව්නින්දර් සිං හා ඇය පෙනී සිටින විවාහ ඡායාරූප කිහිපයක් යමෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබීම හේතුවෙනි. වාර්තා වන අන්දමට එය සිදු කර ඇත්තේ භව්නින්දර්ට හිතවත් ගායිකාවක් වන අතර,…

ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. මෙම…

changi

හඳට ගිය චැන්ගි ෆයිව් සාර්ථකව ගොඩ බසී

චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ නියැදි පෘථිවිය වෙත රැගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිව පසුගිය දා චීනයෙන් ගමන් ඇරැඹූ ස්වයංක්‍රීය අභ්‍යාවකාශ යානය අඟහරුවාදා සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැස් වූ බව එරට ජාතික අභ්‍යාවකාශ පරිපාලන ආයතනය පවසයි. චැන්ගි ෆයිව් ලෙස මේ යානය නම් කර ඇති අතර චීන මිත්‍යා කතාවක මේ නමින් චන්ද්‍රයා හඳුන්වයි. 1970න් පසු ලොව කිසිම…

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට…

පිලිප්ට සහ ඔහුගේ බිරිදට කොවිඩ්

පිලිප්ට සහ ඔහුගේ බිරිදට කොවිඩ්

ස්වීඩනයේ කාල් පිලිප් කුමරු සහ ඔහුගේ බිරිඳ සෝෆියා කුමරියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. මොවුන් දෙදෙනා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මැරඩෝනා මිය යයි

මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත. නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

weather satellite view

නිවාර් තමිල්නාඩුවට

නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, ‍තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්…

joe biden biography

බයිඩන්ගේ සගයෝ ලංකාවට එරෙහි වෙති

ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමග එක්ව ක‍්‍රියා කළ යුතු…

‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්‍රික් ක්වින් මියගොස් තිබේ. ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය. නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ. “අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට…