social-media

මාධ්‍ය වාරණ ප්‍රතිපත්ති නිසා ගූගල්, ෆේස්බුක්, ට්විටර් ඉවත් වීමට සුදානමින්

ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලයේ දැවැන්තයන් පාකිස්තානය තුළ සේවාවන්ගෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඔවුන් මේ ආකාරයෙන් ඉවත් වීමට සැරසෙන්නේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය අලුතෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති මාධ්‍ය වාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ. ඉස්ලාම් ආගමට අපහාස කරන අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ, අසභ්‍ය ප්‍රකාශන, ත්‍රස්තවාදයට අනුබල දෙන අන්තර්ගතයන්, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන…

ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ලොව පුරා ව්‍යාප්තව ඇති ගෝලීය ආපදාව වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය යළි නගාසිටුවීමේ කාර්යය සදහාද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකාබද්ධ සහයෝගීතාවක අවශ්‍යතාව මතුව ඇතැයි චීන ජනපති ෂී ජින්පිං පවසයි. ආසියා – ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ (APEC) ප්‍රධානීන්ගේ හමුවට පෙරාතුව එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් ඉදිරිපත් කරමින් චීන ජනපතිවරයා…

ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.  

putin
|

පූතින්ට වරමක්

රුසියාවේ ජනාධිපති පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ. මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව…

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
|

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි….

බ්‍රිතාන්‍ය අගමැති යළිත් ස්වයං නිරෝධායනයට

බ්‍රිතාන්‍ය අගමැති යළිත් ස්වයං නිරෝධායනයට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අගමැතිවරයා සමග සාකච්ඡා පැවැත්වු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙන් මෙසේ ස්වයං නිරෝධනයනයට යොමු කර ඇත. ඔහු පසුගිය අප්‍රේල් මාසයේද කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර එහිදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිණි.

ඉන්දීය ජනප්‍රිය නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වැළදීමෙන් ජිවිතක්ෂයට
|

ඉන්දීය ජනප්‍රිය නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වැළදීමෙන් ජිවිතක්ෂයට

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මිය යන විට ඔහු 85 වන වියේ පසු වු අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත 1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට…

beef biryani

ආනයනික හරක් මස්වල කොරෝනා

ආනයනික හරක් මස්වල සහ ඒවායේ ඇසුරුම්වල තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇතැයි චීනය පවසනවා. මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවල්වලින් බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ. මේ අතර ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන ලද ඌරු මස්වල ඇසුරුම්වලද වෛරසය තිබී හමුවූ බවයි චීන බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර…

ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී

ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, සිය දරුවන් තිදෙනා පාසලෙන් ඉවත්කර ගෙන තිබේ. විශේෂයෙන් ම ඉවන්කා ට්‍රම්ප් සහ ජෙයාර්ඩ් කුෂ්නර් පසුගිය කාලය පුරා කොවිඩ් පාලනයට ක්‍රියාවට නංවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස විවේචනය කළහ. එමගින් ඔවුන් පාසල මගින් දෙමව්පියන්ට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ද උපහාසය ට ලක් කර ඇති බව වාර්තා වේ.

Court clerk who killed Manila judge

පිලිපීන විනිසුරුවරියක් ඝාතනය කෙරේ

පිලිපීනයේ මැනිලා අගනුවරදී විනිසුරුවරියක් වෙඩි තබා ඝාතනය කර ඇත. එම විනිසුරුවරියගේ කාර්යාලය තුළදී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇයගේ අධිකරණ ලිපිකරු (නීතීඥවරයෙක්) විසින් එම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.