corona task force

ජෝ කොරෝනා පාලන කාර්ය සාධක බළකායට

ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. ජෝ බයිඩන්  ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව…

joe biden biography

බයිඩන්ගෙන් වාර්තා රැසක්

ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 වැනිදා පෙන්සිල්වේනියාවේදී උපත ලැබූ අතර ඔහු සිය මව් පිය දෙපාර්ශ්වයෙන් බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්භවයක් සහිත පුද්ගලයකු ද වෙයි. 1968 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන දේශපාලනට පිවිසෙන ලදි. ඔහුගේ ගමනේ කූඨප්‍රාප්තිය වූයේ  ජනාධිපති බැරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීමය. ඔහු ජනාධිපතිධුරයට පත්වන්නේ 77 වැනි වියේදී වන අතර ඒ අනුව…

america and sri lanka

අමෙරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම තනතුරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් පත් කළ බවයි. ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මෙලෙස සඳහන් කළේය. ” ජනාධිපතිතුමනි, මා වෙනුවට ඔබ ගත් තීරණයට ස්තුතියි ” යනුවෙනි.

england army
|

කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි

එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.

american election announcement
|

ඇමරිකාවේ 46 වන ජනපති ලෙස ජෝ බයිඩන් තේරී පත් වෙයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 290 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත. ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ…

america and sri lanka

කලබල මැද බයිඩන් පෙරමුණට

එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ…

american soldier

හමුදා සාමාජිකයින් 59,000කට කොරෝනා

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කරයි. අමෙරිකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් මිලියන 1.3ක් සක්‍රීය සේවයේ සිටී. එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගිය මස පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් ඇත්තේ එක් හමුදා සාමාජිකයෙක් පමණක් බවය.

බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි
|

බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නොමැති අතර මේ වන විටත් අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත්  අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ්…

ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
|

ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…

ජෝ බයිඩන් – මම ජයග්‍රාහී මාවතේ
|

ජෝ බයිඩන් – මම ජයග්‍රාහී මාවතේ

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය. “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව” මේ වනවිට ප්‍රාන්ත 39ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර  බයිඩන් කොට්ඨාස 237ක් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාස ගණන 210කි.