දෙවැනි රැල්ල පාලනයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
|

දෙවැනි රැල්ල පාලනයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය. ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා “අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි  අවධාරණය කළේය. ස්පාඤ්ඤය පසුගිය…

අමෙරිකාවේ ඇලස්කා වෙරළ තීරයේ සුනාමියක්
|

අමෙරිකාවේ ඇලස්කා වෙරළ තීරයේ සුනාමියක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති…

කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

ඉන්දීය ප්‍රවීණ ගායක කුමාර් සානුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයෙකු වන ඒ මහතාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත

ට්‍රම්ප් ගේ පුතාට කොරෝනා සුවවෙයි

ට්‍රම්ප් ගේ පුතාට කොරෝනා සුවවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 14 හැවිරිදි පුතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි. නමුත් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට සුවවී ඇතිබව මෙලනියා ට්‍රම්ප් පැවසුවාය. මීට සති කිහිපයකට ඉහතදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ අතර එම අවස්ථාවේ සිදුකළ පරීක්ෂණය අනුව බැරන් ට්‍රම්ප් ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණි….

ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශයේ පැරිස් නුවර සහ තවත් නගර 08කට යළිත් ඇඳිරි නීතිය පැනවීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබේ. රාත්‍රී  9 සිට අලුයම 6 දක්වා ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇති අතර ඉදිරි සති 04ක පමණ කාලයක් අදාළ ඇඳිරි නිතීය බලපැවැත්වෙනු ඇති බව සඳහන් වේ. ප්‍රංශයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 779063 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ්…

‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !

‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !

අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.

ඉන්දියාවෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් 73000ක්

ඉන්දියාවෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් 73000ක්

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 107,450ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානියා දිවි නසා ගනියි

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානියා දිවි නසා ගනියි

හිටපු ඉන්දීය රහස් පොලිස් ප‍්‍රධානි අෂ්වානි කුමාර් සිම්ලා නුවර පිහිටි සිය නිවසේදී දිවි නසා ගෙන ඇත. ඔහු නාගලන්ත ආණ්ඩුකාරයා ලෙසද ක‍්‍රියා කළේය. සිම්ලා පොලිස් අධිකාරී මොහින් චැට්ලා පැවසූවේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානීන් නිවසේදී එල්ලී දිවි නසාගෙන ඇති බවයි. එහෙත් තමා දිවි නසා ගන්නා බව දක්වා ලිපියක්ද ඔහුගේ කාමරයේ තිබී හමු වී ඇත.

Coronavirus-in-India

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා

ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා. ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ. ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56…

ට්‍රම්ප්ට කොවිඩ්

ට්‍රම්ප්ට කොවිඩ්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිදු කළ කොවිඩ් පරීක්ෂණය ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි. ඊයේ (01) රාත්‍රී සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව කොව්ඩි ධනාත්මක වූ බව ජනපතිගේ නිළ ටුවිටර් ගිණුමෙහි සටහන්ව ඇත. කෙසේ වෙතත් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද එහි සඳහන් විය.