රන් පදක්කම් දිනූ මීයා

රන් පදක්කම් දිනූ මීයා

කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ. “මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ…

coronavirus news

නෙදර්ලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹෙයි

නෙදර්ලන්තය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ පා ඇති බව වාර්තා වනවා. මිලියන දාහතක් පමණ ජීවත් වන එරට දිනකට කෝවිඩ් වෛරස ආසාදිතයින් තුන්දහසක් පමණ වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් නිරෝධායන නීති දැඩි කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබෙන්නේ.

අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්
|

අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්

ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති…

mask

නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි

නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලන කර ඇති අතර පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවයි.

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා සදහන් කරයි.

ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9ක් අත්අඩංගුවට

ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9ක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර සිටි බවට අනාවරණය වී ඇති බව ඉන්දීය ප්‍රධාන ත්‍රස්ත මර්දන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

coronavirus news

ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දමයි

කොරෝනා වෛරසය යළි හිස එසවීම හමුවේ ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් අගනුවර යළිත් අඟුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. නගරයේ තෝරා ගත් ස්ථාන 37ක් වසා දැමෙන අතර සියලුම නගර වැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීමට උපදෙස් ලබා දී තිබේ.

රාජාණ්ඩුවට අභියෝග කළ තරුණිය

රාජාණ්ඩුවට අභියෝග කළ තරුණිය

“ත්‍රාසයෙන් මම ඉන්නේ. ප්‍රතිවිපාක ගැන මට බියක් දැනෙනවා.” එසේ පැවසුවේ පන්යුසායා සිතිජිරාවට්ටනකුල් නම් තායිලන්ත තරුණියකි. 21ක් හැවිරිදි ඇය, පසුගිය අගෝස්තු මස වේදිකාවක මතට නැග එරට රාජාණ්ඩුවට විවෘත අභියෝගයක් කළාය. එම අවස්ථාවට 1,000ක් පමණ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක් ව සිටි අතර එහිදී ඇය කරුණු 10කින් සමන්විත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරමින් රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය වියයුතු බව ඉල්ලා සිටියාය.

වඳුරොත්  සෙල්ෆි ගහන යුගයක්

වඳුරොත් සෙල්ෆි ගහන යුගයක්

අතුරුදන් වූ ජංගම දුරකථනය නැවත සොයාගත් විට එහි තිබී වඳුරන්ගේ “සෙල්ෆි ජායාරූප” හමුවූ බව මලයාසියානු ශිෂ්‍යයෙක් පවසයි. තමා සිකුරාදා නින්දට යනවිට තමා ළඟ තිබූ ජංගම දුරකථනය අවදි වී බලන විට නොතිබූ බවය. නිවස අසල කැලෑබද ප්‍රදේශයක තිබී එය හමු වී තිබේ. පසුව ජංගම දුරකථනය පරීක්ෂා කරන විට එහි වඳුරන්ගේ සෙල්ෆි ජායාරූප සහ වීඩියෝ තිබුණු බව…

ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ටත් කොරෝනා

ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ටත් කොරෝනා

මෝසම් වැසි සමයෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දීය පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මන්ත්‍රීවරු 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. සුරේෂ් අන්ගාඩි,  මීනක්ෂි ලෙඛී, අනාත් කුමාර් හෙජ්, පර්වේෂ් සහීබ් සිං, රීටා බහුගුණ ජෝෂි , කෞෂල් කිෂෝර් ,  දීපේන්ද්‍ර සිං හූඩා සහ නරාන්භායි ජේ රත්වා, බීජේපී හි අශෝක් ගස්ති සහ…