doctors

යේමනයේ ඒඩ්න් නුවර කොරෝනාවලට බියෙන් සියලු වෛද්‍යවරු පලා යයි

මිලියනයකට වඩා පිරිසක් ජීවත් වන යේමනයේ ඒඩ්න් නුවර කොරෝනා වසංගතය හමුවේ එක් වෛද්‍යවරියක් හැරෙන්නට අනිකුත් සියලු වෛද්‍යවරුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. කොරෝනා වසංගතයට බියෙන් සහ නිසි ආරක්ෂක උපාංග නොමැතිකමින් මේ වෛද්‍යවරු ප්‍රදේශය අත්හැර මෙසේ පලාගොස් තිබේ.

covid infections and deaths

ඊශ්‍රායලය සති තුනකට වසා දමයි

කොරෝනා වෛරසය යළි හිස එසවීමේ අවදානම හේතුවෙන් දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇතැයි සදහන්වේ. ඒ අනුව සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ආර්ක්ටික් ප්‍රදේශයේ ඊසාන දිග ග්‍රීන්ලන්තයේ ගොඩබිමට සවි වී තිබූ 79N ලෙස හඳුන්වනු ලබන අති විශාල අයිස් පර්වතයක් කැඩී වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අයිස් පර්වතයේ කැඩී ගොස් ඇති කොටස වර්ග කිලෝ මීටර් 110ක විශාලත්වයෙන් යුක්තය. 2019 සහ 2020 දී ගිම්හානයේ මෙහි වාර්තාගත උෂ්ණත්වයක් දක්නට ලැබී ඇතැයි ජර්මනියේ ෆ්‍රෙඩ්රිච් ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවීය පර්යේෂිකාවක වන…

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී
|

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී

කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී සාර්ථක වනු ඇති බවට අනාවැකි පළ කර තිබූ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත ලබා දුන් ස්වෙච්ජා සේවකයෙකුට බරපතළ සංකූලතා මතු වීම හේතුවෙන් එම එන්නත අත්හදා බැලීමේ ගෝලීය වැඩපිළිවෙළ අත්හිටුවීමට පර්යේෂකයෝ පියවර ගෙන තිබේ.

වොෂින්ටන් පොස්ට් මාධ්‍යවේදි කාෂෝගී ඝාතකයන්ට සිරදඩුවම් නියමවේ

වොෂින්ටන් පොස්ට් මාධ්‍යවේදි කාෂෝගී ඝාතකයන්ට සිරදඩුවම් නියමවේ

වොෂින්ටන් පොස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජමාල් කාෂෝගී ඝාතනය සම්බන්ධයෙන් චූදිතයින් 8 දෙනෙකු ගෙන්   විත්තිකරුවන් 5 දෙනෙක් ට වසර 20 බැගින් සිරදඬුවම් ද එක් විත්තිකරුවෙක් වසර 10කට ද අනෙක් දෙදෙනාට වසර 7 බැගින් ද සිරදඬුවම් නියම කර ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවයි

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවයි

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 50 න් 22 ක නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු…

Coronavirus-in-India

ඉන්දීයාවේ කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේදී දූෂණයට

ඉන්දියාවේ කොරෝනා ආසාදිත තරුණියක් රෝහලට රැගෙන යම්න් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙකුගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි. පසුව සෞඛ්‍ය අංශ විසින් ඇයව…

‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියන 8කට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවටයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක්…

earthquake in sri lanka

දකුණු පිලිපිනයේ භූකම්පනයක්

දකුණු පිලිපිනයේ භූකම්පනයක් හටගෙන තිබේ. දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු පිලිපීනයේ සිට කිළෝ මීටර 20ක ප්‍රදේශයකට භූකම්පනයෙන් බලපෑම් එල්ල වි ඇති බව සඳහන් වේ.

ගත වු පැය 24දී ඉන්දියාවේ කොරෝනා රෝගීන් අනූ දහසක්

ගත වු පැය 24දී ඉන්දියාවේ කොරෝනා රෝගීන් අනූ දහසක්

එක් දිනක් තුළදී ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් අනූදහසක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් තිස් ලක්ෂයේ සිට හතළිස් ලක්ෂය දක්වා වැඩි වීමට ගතවී ඇත්තේ දින 13 ක් පමණි. ඉන්දියාවේ රෝගීන් වැඩි වීම ලංකාවටද තර්ජනයක් බව මෙරට වසංගත රෝග වෛද්‍යවරු පවසති. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,110,839ක් වේ. මේ වන විට පුද්ගලයන් 70,679 ක් මියගොස් තිබේ.