කොරෝනා ආසාදනය වූ “ද රොක්”

කොරෝනා ආසාදනය වූ “ද රොක්”

ඩ්වේන් “ද රොක්” ජොන්සන් මෙතෙක් ලොව වැඩිපුරම මුදල් අය කරන හොලිවුඩ් නළුවා වන අතර ඔහු පසුගිය දා සදහන් කළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනාට ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි. ජොන්සන්ට හා, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට ළඟ ම මිතුරෙක් මගින් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා හඳුනා ගෙන තිබේ.

Coronavirus-in-India

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 4 පනී

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබේ. මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත , කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමට ලක් ප්‍රාන්ත වේ. එරටින් වාර්තා වන රෝගීන්ගෙන් 2 % ක පමණ ප්‍රමාණයක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ පසුවන බව නවතම වාර්තා අනාවරණය කරයි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට පත් රටවල් ලැයිස්තුවේ 3…

මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම…

තවත් කළු ජාතිකයෙක් මරුට

තවත් කළු ජාතිකයෙක් මරුට

ලොස් ඇන්ජලීස් නගරයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමකින් 29 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මිය ගොස් ඇත. (01) සවස 3:15ට පමණ නිලධාරීන් දෙදෙනෙක් බයිසිකලයකින් යමින් සිටි ඩිජෝන් කිසී නම් තරුණයෙක් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී එම තරුණයා බයිසිකලයෙන් බැස දිවගොස් තිබේ. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනා එම තරුණයාට වෙඩි තබා තිබේ. ඔහුට සාධාරණය ඉල්ලා මේවන විට තවත්…

ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි

ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි

ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්‍ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එහි නගර සභාව නිවේදනය කර ඇත්තේ ඉන්දීය අසහාය ගායිකා 90 හැවිරිදි ලතා මංගේෂ්කර් සහ ඇගේ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා මෙය සිදුකර ඇති බවයි. තවද ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ව්‍යාජ කට…

බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී

බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී

සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Coronavirus-in-India

ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි

ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ. ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.

සෝනියා ඉන්දීය කොංග්‍රස් නායකත්වයට සමුදීමට සුදානමක්

සෝනියා ඉන්දීය කොංග්‍රස් නායකත්වයට සමුදීමට සුදානමක්

කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් ක්‍රියාකිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.