බොල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

බොල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

‪මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬ හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල ලැබී තිබෙනවා. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

Coronavirus-in-India

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද දෙකෝටි තිස් ලක්ෂ අනූ හත් දහස් එකසිය පනස් අටදක්වා ඉහළ ගොස් තිබේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති. අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත. ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ. මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ…

මාලි ජනපති ඉල්ලා අස් වෙයි

මාලි ජනපති ඉල්ලා අස් වෙයි

දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරමින් මාලි රාජ්‍යයේ හමුදා කැරැල්ලක් ඇතිවීම නිසා, තමන් ලේ වැගිරීමට අකමැති බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ඊබ්‍රහීම් බෞබකර් කෙයිටා පසුගිය පෙරේදා (19) නිවේදනය කළේය. රටේ පාලනයට තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයැයි හමුදාවේ ඇතැම් කොටස් බදාදා තීරණය කළේය. මේ කාරණය පදනම් කරගෙන මහජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වූහ. රූපවාහිනිය හරහා කෙටියෙන් ජනතාව ඇමතූ කෙයිටා තමන්…

covid infections today

දකුණු කොරියාවේ නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම්

දකුණු කොරියාවේ සෝල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන වෛරස් ව්‍යාප්තිය පාලනයට එරට සෞඛ්‍ය බලධාරීන් මහතා වෙහෙසක් දරණ බව වාර්තා වනවා. නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මේ වනවිට කොරියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසය දහස් තුන්සිය හතළිස් හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි

13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි

දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී…

චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්

චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්

චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති

මැලේසියාව විදේශීය ගෘහ සහයකයින්ට රැකියා දොරටු විවර කරයි

මැලේසියාව විදේශීය ගෘහ සහයකයින්ට රැකියා දොරටු විවර කරයි

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම වසරේ දෙසැම්බර් 31න් පසුව මැලේසියානු රජය විසින්, එරට අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශිය ශ්‍රමිකයින්ට, රැකියා වීසා…

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්

ඒක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ධවල මන්දිරයෙන්  සිටි පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබිමක් හේතුවෙන් ඒක්සත් ජනපද  රහස් සේවා නියෝජිතයින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඒම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් මිනිස්තු කිහිපයකට ඉවත් කෙරිණි. “ආක්‍රමණශීලීව” දිව ගිය පුද්ගලයෙකුට පොලිසිය මෙලෙස  වෙඩි තබා ඇත. එක්සත් ජනපද රහස් සේවය පැවසුවේ සඳුදා ධවල මන්දිර පරිමිතියෙන් පිටත 17 වන…

අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ඉහළට

අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ඉහළට

2020 වසරේ මුල් මාස 6 තුළදී, ඉකුත් වසර වලට සාපේක්ෂව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ. එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී අමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේ අමෙරිකානුවන් 2,072 ක් පමණි.