බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි

බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ. බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත. බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි. කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.

chinaamerica

අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි

හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.

death

ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ පනී

ලොව පුරා කොව්ඩ් 19 වෛරසය ආශ්‍රිත සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,840ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (14) අලුයම වාර්තා කර ඇත. මේ වන විට ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ හැටඑක්දහස් හත්සියඅනූ දෙකක් වන බව දත්ත වාර්තා පෙන්නුම් කරයි වෛරස ආසාදනයෙන් සම්පුර්ණ සුවය ලැබූ ගණන 7,221,190 ක් පමණ වන බව වාර්තා වෙයි

අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්

අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්

අමෙරිකානු යුධ නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා. සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ. පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්. Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක් වේ.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන අට ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන අට ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 27,114 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 822,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව WHO ඉවත් වීම නිල වශයෙන් අරඹයි

අමෙරිකාව WHO ඉවත් වීම නිල වශයෙන් අරඹයි

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා ඇති බව වාර්තා වෙයි. මෙම ඉල්ලා අස්වීම ජූලි මාසයේ සිට බලාත්මක වෙයි. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධව ද්වීපාර්ශවික නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම් ,නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් විවේචන එල්ල වී ඇත.

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙන්න යයි

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙන්න යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පැවැසීය. තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බව හෙතෙම කීය.  

මෙල්බන් සති 6කට වැසෙයි

මෙල්බන් සති 6කට වැසෙයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඊයේ (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ. ගත වූ දින කිහිපය පුරා මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනා ගැනුණු අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනා ගෙන ඇති…

amercia

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී  වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.

මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී ඇත. ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට බැක්ටීරියාව ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ. නවීන ලෝකයේ ජීව අවියක් ලෙසද මෙම බැක්ටීරියාව යොදා ගන්නා බවයි වාර්තා වෙයි.