මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්

මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්

මොළයට දරුණු හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ ඇමෙරිකා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ විද්‍යාඥයින් අනතුරු ඇගවීමක් නිකුත් කරයි. නයිග්ලේරියා ෆාවුලේරි නම් පියවි ඇසට නොපෙනෙන මෙම ඇමීබා මොළයට හානි සිදුකළ එක් පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී ඇති බවයි පිරිසිදු ජලයේ මොවුන් වාසය කරන අතර ස්වසන මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළුවන බවයි පැවසෙන්නේ. ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඇමීබා සත්වයින් මාරාන්තික ප්‍රථිපල…

හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී

හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී

හොට්ඩෝග්  ශූරතා තරඟාවලිය නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිතයි. හොට්ඩෝග් අනුභව කිරීමේ ශූරයන් වන ජෝයි චෙස්නට් සහ මිකී ශුඩෝ මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටිනවා. පිරිමි අංශයෙන් ජෝයි චෙස්නට් ද කාන්තා අංශයෙන් මිකී ශුඩෝ ද ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි. 36 හැවිරිදි වියේ පසුවන චෙස්නට් හොට්ඩෝග් 74 ක් අනුභව කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි

ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා. මෙම ස්මාරකය නැරඹීම සඳහා දිනකදී ඇතුළු කර ගන්නා සංඛ්‍යාව 5000කට සීමා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ඇතැම් දිනවල එය නැරඹූ…

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට

ඉන්දියාව කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත. ඒ රුසියාව අභිබවා ගොසින්ය. ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව සඳහන්. ඉන්දියාව තුළ අද වන විට සිදුව ඇති සමස්ත මරණ ගණන 19,700කි.

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
|

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down

චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.

කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ බලධාරීන් පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් හෙළිවෙමින් පවතින බවය.  

Coronavirus-in-India
|

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 10,081,545ක් ලෙස සදහන්. වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 501,298 දක්වා ඉහළ ගොස් ඇත. එසෙම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය 5,458,369ක් වෙ.

covid infections today

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 97 යි

ගෝලීය කොවිඩ් 19 ආසාදිත රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9,714,805ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අනූ එක් දහසකට අධිකය. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග යුරෝපයේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය සදහන් කරයි.