ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය. පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට…

තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙන්. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කරයි. විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ. වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.

covid infections today

නගරයෙන් පිටතට යන්න එපා

මෙල්බර්න් නගරයෙන් පිටතට යෑමෙන් වළකින ලෙස එරට බලධාරීන් ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර ඇත. ඒ දෛනිකව වාර්තා වන කොවිඞ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි. මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීමට තහනම් කර තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර

ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර

ඉරාකයේ ISIS සංවිධානයට අයත් කඳවුරු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව ගුවන් යානා ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ප්‍රහාර වලින් IS කඳවුරු 04ක් විනාශයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.  

2017 වසරේ දී අත්සන් කළ MCC ගිවිසුම නිසා විරෝධතා

2017 වසරේ දී අත්සන් කළ MCC ගිවිසුම නිසා විරෝධතා

අමෙරිකාවත් සමග 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් නේපාලය තුළ  විරෝධතාවන් හටගෙන තිබේ. MCC ගිවිසුම එරෙහිව පෙළ ගැසෙන නේපාල වැසියන් ඉල්ලා සිටින්නේ පාලකයන් ගිවිසුම අත්සන් කළත් පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි. පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් රටේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට හානියක් සිදුවන බව ඔවුන් පවසයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12 ක කාලයක් සඳහායි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වනදා තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ. චෙන්නායි නගරය මෙන්ම තවත් යාබද දිස්ති‍්‍රක්ක 03 ක් ද මෙලෙස තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කරයි.

තායිලන්තයට විශාල ටොනාඩෝවක්

තායිලන්තයට විශාල ටොනාඩෝවක්

නැගෙනහිර තායිලන්තයේ චොන්බුරි පළාතට විශාල ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබෙනවා. මුහුදේ ඇති වූ මෙම තත්ත්වය කැමරාවට හසුකර ගැනීමට එහි සිටි පිරිසක් සමත්ව තිබුණා. අධික වර්ෂාව සහ තෙතමනය සහිත කාලගුණය හේතුවෙන් මෙය ඇති වන්නට ඇතැයි එරට කාළගුණ අංශ ප්‍රකාශ කර සිටියි.

උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්

උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්

ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී  කෘස් මිසයිලයක් උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ…

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…