ටජ් මහල් මන්දිරයට හානි

ටජ් මහල් මන්දිරයට හානි

ඉන්දියාවේ අග්‍රා නගරයට බලපා ඇති යහපත් කාලගුණයෙන් සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති අධික වර්ෂාව අතරතුර ගස් සහ අතු කඩාවැටීමෙන් මෙසේ ටාජ් මහල්හි කොටසකට හානි වී තිබුණි. අග්‍රා හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් පැවසුවේ හානියට පත්වූ කොටසට පළිඟු අත්වැටක් මෙන්ම රතු ගලින් නිමකළ කැටපත් පවුරු දෙකක්ද වන බවයි.

america and sri lanka
|

ෆ්ලොයිඩ් විරෝධතාවන් ඇමෙරිකාවට තර්ජනයක් වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා. නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය. කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම්…

දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
|

දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…

donal trump

ට්‍රම්ප් සමාජ මාධ්‍යය නියාමනය කරන්න යයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සමාජ මාධ්‍ය නියාමනය කරමින් නව නීති පනවන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. විකෘති වාර්තා පළ කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවට මීට පෙරද තර්ජනය කර තිබෙනවා.

ස්පාඤ්ඤය දින10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ස්පාඤ්ඤය දින10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

කොරෝනා වෛරසයෙන් මියගිය 27,000කට අධික ස්පාඤ්ඤ වැසියන් සිහිකිරීම සඳහා දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට දින 10ක් ස්පාඤ්ඤයේ සියලු පොදු ගොඩනැගිලිවල, නාවික හමුදාත්‍රාවල ඇති ජාතික ධජ අඩකුඹු කරමින් මියගිය ජනතාව සිහිපත් කෙරේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි

නව ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් වාර්තා වීමත් සමග ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස් හත්සියය අනූ තුනක් දක්වා ඉහළ ගියේ ය.  

ජර්මනියේ  පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා

ජර්මනියේ  පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. පසුගියදා  දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන්…

ඉන්දියාවේ මල් කිලෝවක් රුපියලටත් අඩු වෙයි

ඉන්දියාවේ මල් කිලෝවක් රුපියලටත් අඩු වෙයි

අමෙරිකානු ඩොලර් 7ත් 8ත් අතර මුදලකට අලෙවි වූ මල් කිලෝවක් කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දීය රුපියලකටත් අඩු මුදලකට අලෙවි වන බව වෙළෙන්ඳන් මැසිවිලි නඟයි. ඉන්දියාවේ තදින් ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා මේ වනවිට බොහෝ දුරට ලිහිල්වී තිබේ. එහෙත්  ඉල්ලුම පහල යාම හේතුවෙන් මල් අලෙවිකරුවන් මහත් අපහසුතාවට පත්ව සිටියි. මේ හේතුවෙන් තම පවුල් නඩත්තුකිරීමට පවා අසීරු…

කොරෝනා ආසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100 ක් බිහි කරයි

කොරෝනා ආසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100 ක් බිහි කරයි

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබෙනවා. මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ තිබෙනවා. එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු…

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇතැයි සදහන්.