තායිලන්තයේ හදිසි තත්ත්වය තවත් සමකින් දීර්ඝ කරයි

තායිලන්තයේ හදිසි තත්ත්වය තවත් සමකින් දීර්ඝ කරයි

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා.

කොරෝනා එන්නත –  වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල
|

කොරෝනා එන්නත – වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා. වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා. මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

ඉන්දියාවට සහ බංග්ලාදේශයට අම්ෆන් සුපිරි සුළි කුණාටුවක් වෙයි

ඉන්දියාවට සහ බංග්ලාදේශයට අම්ෆන් සුපිරි සුළි කුණාටුවක් වෙයි

කොවිඩ්-19 වසංගතයෙන් බැටකමින් සිටි ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑ අම්ෆන් සුපිරි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් ඉන්දියාවේ මරණ 72ක් වාර්තා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මෙම මරණවලින් මරණ 15ක්ම කොල්කටා නුවරින් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශයේ මාර්ග ආශ්‍රිතව ගස් 5,000කට වඩා කඩා වැටී ඇති අතර, වීදි පුරා විදුලි කණු කඩා වැටීමක්ද වාර්තා වනවා. ඒ…

ගත වු පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 6000 ක්

ගත වු පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 6000 ක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ. ඊයේ දිනය තුළ ආසාදිතයින් 6088 දෙනෙකු හදුනාගෙන ඇති අතර මෙය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්යානවයි.

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනය තවත් අනතුරුදායක තත්වයක

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….

donal trump

WHO චීනයේ රූකඩයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළීබඳ WHO විසින් නිවැරදි තොරතුරු ලබා නොදුන් බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ ඔවුන් සෑම විටම චීනයට පක්ෂපාති ආකාරයෙන් කටයුතු කළ බවයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ  අනතුරු ඇගවිමක් සිදු නොකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට අවස්ථා ගණනාවකදී…

covid infections and deaths

රටවල් කිිපයක කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක්

රුසියාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ පේරු යන රටවල කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.වාර්තා සදහන් කරයි. ගෝලීය දත්තවලට අනුව අමෙරිකාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. බි‍්‍රතාන්‍ය, ඉතාලිය, ප‍්‍රංශය සහ ජර්මනිය අභිබවා යමින් එම ලේඛණයේ සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ බ‍්‍රසීලයයි.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,894,098 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් හේතුවෙන් වැඩිම බලපැමට ලක්වූ යුරෝපා රාජ්‍යය වන එක්සත් රාජධානියෙන් මේ වනවිට කොවිඩ් මරණ 34,876 ක් වාර්තා වී ඇති අතර හමුව ඇති ආසාදිතයින් ගණන 247,709 කි.

ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි

ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට

බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට

නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.