ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82000යි

ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82000යි

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,000කට ආසන්න වී තිබේ. ඉන්දියාව තුළ මේ වන විට කොවිඩ් මරණ 2,649ක් වාර්තා වී තිබේ. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 27,969ක් බවයි විදෙස්වාර්තා සදහන් කළේය. මේ වන විටත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
|

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ

දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා  පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව  119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ  කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්
|

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට  අර්ධ  ‘ලොක්ඩවුන්’  සීමා  පැනවීමට පියවර ගෙන ඇත. චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය තවත් වැඩි වී තිබේ.ඒ කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟයි. මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. මේ අතර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ද ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ ලක්ෂ 110ක්…

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
|

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා  කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත. ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු කොරෝනා යළිත් ඉහළට

කොරෝනා වෛරසයේ උපත සිදුවූ චීනයේ වෛරසය පැතිරීම අවම වීමත් සමග සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.    කොරෝනා වෛරස් රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ. අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ…

ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි
|

ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි

ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය. සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. නමුත් මීට වඩා…

යුධ නැවකට දරුණු ප්‍රහාරයක්

යුධ නැවකට දරුණු ප්‍රහාරයක්

ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී සිදු කරමින් තිබු යුධ අභ්‍යාසයක් අතරවාරයේදී මෙම අනතුර සිදුවී…

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප‍්‍රමාණයක් සිටින ප‍්‍රාන්ත අතරින් තමිල්නාඩු ප‍්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම…

එංගලන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ 30,000 ඉක්මවයි

එංගලන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ 30,000 ඉක්මවයි

එංගලන්තයේ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,076 දක්වා ඉහල ගොස් ඇත. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 64, 807 දක්වා ඉහල ගොස් තිබේ.