කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින්න යයි

කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින්න යයි

අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි නැවුම් මුහුණුවරකින් කොවිඩ් පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන…

යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි

යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි

යුරෝපය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍ ඒ ප්‍රංසශයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා පසුගිය දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. දෙසැම්බර් 27 වන දින නියුමෝනියා රෝගී තත්ත්වයෙන් පෙළුණු පුද්ගලයකුගෙන් ලබාගත් වෛද්‍ය සාම්පල යළි පරික්ෂාවට ලක්කිරීමේ දි ඔහුට කොවිඩ් ආසාදනය වී…

ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා

ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා

ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා. මේ අතර රුසියානු අග‍්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්  ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

borinjonson

බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් පිය පදවිය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ. ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි…

රුසියාවේ අගමැතිට කොරෝනා වැළදේ

රුසියාවේ අගමැතිට කොරෝනා වැළදේ

රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ව්ලැදීමීර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. තමන් ස්වයං නිරෝධායනය වීමේ නියෝගයන් අනුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා එම කාල සීමාව තෙක් වැඩබලන අගමැතිවරයෙක්…

අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත්…

ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි

ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි

සුපිර් ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් ඛාන් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලකදී අභවප්‍රාප්ත වී තිබේ. බොලිවුඩඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉර්ෆාන් ඛාන් මියයන විට 53වන වියේ පසු විය. පසුගිය මාර්තු 06 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඉර්ෆාන් ඛාන් තමන් “දුර්ලභ රෝගයකින්” පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. මේ අතර මාර්තු 10…

රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි. රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ. ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා…

කොරෝනා මැද්දේ සිරියාවේ බෝම්බ පුපුරයි

කොරෝනා මැද්දේ සිරියාවේ බෝම්බ පුපුරයි

සිරියාවේ වයඹ දිග ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනකු පමණ මියගොස් ඇතැයි තුර්කිය පවසයි. මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඒ් අතර ළමුන් 11දෙනකු සිටින බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි. සිද්ධියෙන් තවත් 40 දෙනකු පමණ තුවාල ලබා ඇත.