කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.

ඉන්දියාව තවත් සති දෙකක් වසා තැබීමට තීරණය කරයි

ඉන්දියාව තවත් සති දෙකක් වසා තැබීමට තීරණය කරයි

වෛරස් ව්‍යාප්තිය නතර කිරීම සඳහා තවත් සති දෙකක් ඉන්දියාව වසා තැබීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා. ඉන්දියාව වසා නොදැමුව හොත් ලක්ෂ 8.2ක පිරිසකට වෛරසය ආසාදනය විය හැකි බවයි ඉන්දීය වෛද්‍යවරුන් සදහන් කරන්නේ. සමාජ දුරස්ථභාවය පිළිබද වැඩි අවධානයක් යොමුකරන බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 19,600 ඉක්මවා ගොස් ඇත .

ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට

ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා . සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති විම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට ලක්ව ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සඳහන් කළා .

electionns

මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය  ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.

america and sri lanka
|

ගත වූ පැය 24 තුල අමෙරිකාව  මරණ 2037 යි

ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන 16 ලක්ෂ 99,583ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 502,049ක් වනවා. ගතවු පැය 24 තුල එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2037වන අතර එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 18719 ක් ලෙසයි දැක්වුනේ. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා…

ඉතාලියේ සහායට රුසියාව

ඉතාලියේ සහායට රුසියාව

ඉතාලියේ සහයට රුසියානු සෞඛ්‍යය සේවකයින් ඉදිරිපත් වී තිබේ. කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති රටක් ලෙස සැළකෙන ඉතාලියේ සහයට රුසියාව ඉදිරිපත් වී තිබේ. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බර්ගමෝ නගරයේ රෝහලක සහයට රුසියානු වෛද්‍යවරුන් යොදවා ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි
|

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. 55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා  යහපත් මානසික මට්ටමක පසුවන බවත්  ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇතත්, ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති…

ජාතිකවාදී බොරිස් ජොන්සන් ගෝලීය සහෝදරත්වයක් ඉල්ලයි
|

ජාතිකවාදී බොරිස් ජොන්සන් ගෝලීය සහෝදරත්වයක් ඉල්ලයි

පසුගිය කාලය පුරාවටම ලොව පුරා බොහෝ තැන් වල ජාතිකවාදය පෙරටුකොට ගත් නායකයන්ගේ දේශපාලන ජයග්‍රහණ දැකිය හැකි විය. පසුගිය කාලය පුරාවටම තමන්ගේ රට තමන්ගේ ජාතිය ප්‍රමුඛ කොට ගත් නායකයන් හා දේශපාලන ව්‍යාපාරයන්ට මැතිවරණ ජයග්‍රහණයන් හිමි විය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ නරෝන්ද්‍ර මෝදි, එංගලන්තයේ බොරිස් ජොන්සන් යන අයගේ මැතිවරණ ජයග්‍රහණ මේ අතර ප්‍රධානය. මොවුන්ගේ සටන් පාඨය…

ඉන්දීය දේශපාලඥයින් මාසික වැටුප 30% කින් කප්පාදු කරයි

ඉන්දීය දේශපාලඥයින් මාසික වැටුප 30% කින් කප්පාදු කරයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය සඳහා සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු මධ්‍යම කැබිනට් මණ්ඩලය තීරණය කරයි. කප්පාදු කරනු ලබන මුදල් ඉන්දියාවේ පිහිටුවා ඇති ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩේකාර් කියා සිටියි.