බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
|

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.

ඉතාලියේ දිනක් තුළ අඩුම කොරෝනා මරණ වාර්තා වෙයි

ඉතාලියේ දිනක් තුළ අඩුම කොරෝනා මරණ වාර්තා වෙයි

ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ ගණනක් සිදුව ඇති ඉතාලියෙන් ඊයේ දිනයේදී වාර්තාවූයේ මරණ 525ක් පමණයි. එය සැලකෙන්නේ, ගතවූ දෙසතියේදී එරටින් වාර්තාවූ අවම මරණ ගණන ලෙසයි. මේ වනවිට ඉතාලියෙන් නිල වශයෙන් මරණ 15,877ක් වාර්තාවී ඇති අතර, හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන 129,000ක්.

කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය. අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා ආසාදිත බවට හඳුනා ගැණුනු අතර එතැන් පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙය ‌වෙයි.

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි
|

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ  “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී ඇත. නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා. මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා…

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් 3000 ඉක්මවයි

ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා ගොස් ඇති අතර 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන පෙන්වා දී ඇත්තේ එම මරණ සංඛ්‍යාව 86ත් 99ත් අතර විය හැකි බවයි.

බල්ලන් සහ බලලුන්ගේ මස් ආහාරයට ගැනිම තහනම් වෙයි

බල්ලන් සහ බලලුන්ගේ මස් ආහාරයට ගැනිම තහනම් වෙයි

බල්ලන් සහ බලලුන් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය ලෙස ෂෙන්ෂෙන් නගරය ප්‍රකාශයට පත් කර තිබේ. මැයි මස 01 වනදා සිට අදාල නීතිය බලපැවැත්වෙන බව එරට රජය නිවේදනය කළේය. එම නීතියට අනුව සුරතල් සතුන් ලෙස ඇති කළ සතුන් ආහාරයට ගැනීම තහනම් වේ.

amercia

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ(03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක් වෙයි.

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා.  එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන්  වාර්තාවූ  මරණ සංඛ්‍යාව 760 ක් ද  වාර්තා වී තිබෙනවා.

ස්පාඤ්ඤයේ  පැය 24ක් තුළ මරණ 950ක්

ස්පාඤ්ඤයේ පැය 24ක් තුළ මරණ 950ක්

කොරෝනා වෙරසයෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දස දහස 10,000 ඉක්මවා ගියේය. ගතවු පැය 24 කාලය තුළ මරණ සංඛ්‍යාව 950කින් ඉහළ ගිය අතර සමස්ත අසාදිතයන්ගේ ගණන 110,238 දක්වා ඉහළ ගොස් ඇත.

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි

කොරෝනා මර්දනයට පිලිපීනය තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො ඩුටරෙට් විසින් පොලිසියට නියෝග කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමේ දී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනි මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.