එංගලන්තයේ දිනක් තුළ මරණ 563ක්

එංගලන්තයේ දිනක් තුළ මරණ 563ක්

පසුගිය පැය 24 තුළ එක්සත් රාජධානියේ කොරෝනා වෛරස්‌ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස 563 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොරෝනා වෛරසයෙන් මේ වනවිට මිය ගිය පුද්ගලයන්ගේ ගණන 2,352 දක්වා ඉහළ ගොස් තිබේ. ස්පාඤ්ඤයේද ගත වූ දිනය තුළ පුද්ගලයන් 864 දෙනකු මියගොස් මුළු ආසාදිතයන්ගේ ගණන 102,136 ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට
|

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ‌ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දේව පූජාවෙන් ආරම්භ වූ  ප්‍රංශයේ කොරෝනා

දේව පූජාවෙන් ආරම්භ වූ ප්‍රංශයේ කොරෝනා

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මෙම දේව මෙහෙය දින පහක් පුරා  පවත්වා තිබේ. ඒ  සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ  උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී…

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ස්පාඤ්ඤයත් කොරෝනා වාර්තා අතරට

ගත වූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තා වී ඇත. ඊයේ (29) දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇත. අද වන විට ස්පාඤ්ඤයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි.

මෝදි, ජනතාවගෙන් සමාව අයදියි

මෝදි, ජනතාවගෙන් සමාව අයදියි

පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියේය. ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි. එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියේය.  

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ කොරෝනා නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්.

ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙතට එරෙහිව පෙරලා පහරදෙයි

ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙතට එරෙහිව පෙරලා පහරදෙයි

ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය. දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන්…

ප්‍රහාරක නෞකාවකට කොරෝනා ප්‍රහාරයක්

ප්‍රහාරක නෞකාවකට කොරෝනා ප්‍රහාරයක්

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් වාර්තා පවසයි. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත. පෙන්ටගනය නිවේදනය කර සිටින්නේ, මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට…

america and sri lanka

කොරෝනා පාලනයට ඩොලර් ට්‍රිලියන 02ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 02ක ආපදා ආධාර පනත් කෙටුම්පතක් අමෙරිකානු සෙනෙට් සභාවේදී සම්මත වී තිබේ . එරට ඉතිහාසයේ විශාලතම ආපදා ආධාර පනත මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

කොරෝනා  වයිරසය පැතිරීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු දේශසීමා වසා දමා තිබේ. දේශසීමා වසා දැමීම අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අතර එම කාලය තුළ කිසිවකුට බොලිවියාවට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන බව එරට ජනාධිපති ජෙනින් ඇනෙස් පවසයි. බොලිවියාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 38කි.