ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි

ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු  නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…

america and sri lanka

අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්

කෝවිඩ් 19  වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර  වොෂින්ටන් නගරය දැනටමත්  පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.

එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි

එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි

එක්සත් ජනපද ජනාධිපති  ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය. නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති. බවද ඔහු…

කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්

කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්

කුවේට් රාජ්‍යය කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රටේ සියලු වැඩබිම්වල සිටින ජනතාවට සති දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. කුවේටයේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසා සිටියේ එරට සියලු වාණිජ ගුවන් ගමන් නවතා දැමීමටද රජය තීරණය කර ඇති බවයි.

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 වයිරසය වේගයෙන් පැතිරෙන බැවින් සිරකරුවන් 70,000 කට නිදහස ලබා දීමට ඉරාන රජය පියාවර ගෙන ඇත. ඉරාන බන්ධනාගාර කිහිපයක වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවුණු බව ද ඉරාන රජය වැඩිදුරටත් පවසා ඇත.  

මුළු ඉතාලියම නිරෝධායනයට

මුළු ඉතාලියම නිරෝධායනයට

කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය  පියවර ගත්තේය. ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී ඇත. කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නැඩින් ඩොරිස් මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 06ක් බව වාර්තා වෙයි. ඇමතිවරිය සදහන් කර ඇත්තේ මෙම අසාදන තත්ත්වය සොයා ගැනීමෙන් පසු තමා නිවසේ ස්වයංව හුදෙකලා වී කටයුතු කරන බවය.

සුඩාන අගමැති 99න් බේරේ

සුඩාන අගමැති 99න් බේරේ

සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි බේරාගෙන ඇති බව සදහන්.  සුඩාන අගනුවර වන කාටෝන් හිදී ඔහු ගමන් කළ රථවාහන පෙළට ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුවත් කිසිවෙකුත් තුවාල ලබා හෝ මියගොස් නොමැති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්
|

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ. අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. කොවිඩ්…

corona
|

කොවිඩ් -19 ඉතාලියේ පළාත් 14 ක් වසාදමයි

කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇත. ඒ,ගතවූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1200ක් වාර්තා වීමත් සමඟයි. කොරෝනා වෛරසයේ ඉතාලියේ ආසාදිතයින් ගණන 5883 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 233ක්.