නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව  වාර්තා වේ. මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක්  ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ. 

ගතවූ පැය 24ක් තුළ ඉතාලියෙන් කොවිඩ් -19 මරණ 49ක්

ගතවූ පැය 24ක් තුළ ඉතාලියෙන් කොවිඩ් -19 මරණ 49ක්

ඉතාලියේ වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවගතවූ පැය 24ක් තුළ වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 49කි. මේ වන විට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉතාලියේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බහුතර පිරිස වයෝවෘද්ධ පුද්ගලයින් වන බවත් ඉන් 72% ක් පිරිමි පුද්ගලයින් බවත් ය.

කෝවිඩ් 19 ඉතාලියේ  සියලු පාසල් වසා දමයි

කෝවිඩ් 19 ඉතාලියේ සියලු පාසල් වසා දමයි

කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කරයි. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ කළ නව කොරෝනා වෛරසය ආසාදනය අදවන විට ලෝක බලවතුන් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ. වෛරසය ආසාදිතයින් 93 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව…

කෝවිඩ් 19  නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන්  වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු…

කෝවිඩ් 19 ඇමෙරිකාවේ දෙවැනි මරණයත් වාර්තා කරයි

කෝවිඩ් 19 ඇමෙරිකාවේ දෙවැනි මරණයත් වාර්තා කරයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව සදහන්. මේ වන විට ඇමෙරිකාව තුළ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.

Coronavirus3

දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යයි

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා. දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා. චීනයෙන් පිටත වැඩිම කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද දකුණු කොරියාවේයි. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තම රට…

පාප් වහන්සේ අසනීපෙන්

පාප් වහන්සේ අසනීපෙන්

කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…

සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කොවිඞ් – 19 හේතුවෙන් රටවල් 42 ක සිදු වූ මරණ සංඛ්‍යාව 2800 ඉක්මවා ගොස් ඇත. මේ වනවිට කොවිඞ් – 19 වෛරසය ආසාදය වුවන් 81,000 ඉක්මවා ඇති බවත් කොරෝනා වෛරසයට පෙර සූදානමක් වශයෙන් අමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිට චීනයෙන් තැග්ගක්

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිට චීනයෙන් තැග්ගක්

කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛරසය ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චිට ආසාදනය වී ඇති බව පුවත් සේවා වාර්තා කරයි. ඉරානයේ මේ වන විට පුද්ගලයින් 250 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවත්   මරණ 15 ක් වාර්තා වන බව සඳහන් වෙයි.  

ඉරාන දේශසීමා කලාපයේ ප්‍රබල භූකම්පනයෙන් ගොඩනැඟිලි 1000කට හානී

ඉරාන දේශසීමා කලාපයේ ප්‍රබල භූකම්පනයෙන් ගොඩනැඟිලි 1000කට හානී

ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ගිනිකොනදිග තුර්කියේ තුර්කියේ ගොඩනැඟිලි 1000කට අධික සංඛ්‍යාවක් කඩාවැටී තිබේ. ඉරානය සමඟ පවතින දේශසීමා කලාපයේ ඇති වූ මැග්නිටියුඩ් 5.7ක භූකම්පනය හේතුවෙන් දෙරටේම ගම්මාන සහ නගරවල වැසියන්ට තුවාල සිදුව ඇති බව සඳහන්. මියගිය පුද්ගලයින් අතර ළමුන්ද සිටින අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් තුර්කි සෞඛ්‍යය අමාත්‍යංශය…