ට්‍රම්ප් ඉන්දියාවට

ට්‍රම්ප් ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමිමට සමත්ව ඇත. ඒ යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී මරණ තුනක් සිදුව තිබිම හේතුවෙන්. අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව ඇත.        

තුර්කියේ  5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

තුර්කියේ 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

රිච්ටර් මාපාංක 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු කිලෝමීටර් 6 ක් පමණ ගැඹුරින් භූකම්පනයක් තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදුවී ඇත. භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.    

පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට

පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට

දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටය  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට ලක්ව තිබුණි. මෙවර ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට ලෙස දකුණු කොරියාවේ පැරසයිට් හිමි සම්මානය දිනා ගත්තේය. මෙවර ඔස්කා උළෙල අසාර්ථක යැයි පවසමින් පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපහාසයට ලක්ව ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන් ජූන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තමන් කුපිත කළ බවයි.

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට  ප්‍රහාරයක්

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට ප්‍රහාරයක්

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි. 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙහිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම…

විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළ ට්‍රම්ප්

විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළ ට්‍රම්ප්

ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ජන හමුවකට එක්වෙමින් 2020 ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත. සිය මත දැක්වීම අතරතුර ටොම් ස්ටේයර් මුග්ධයෙක් ලෙසත්, කෝටිපති අපේක්ෂක මයික් බ්ලූම්බර්ග් මිනි මයික් ලෙසත්, නම්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙය දේශපාලනමය වශයෙන් නොහික්මුණු ක්‍රියාවක් බවයි.

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං 737 මැක්ස් වර්ගයේ නව ගුවන් යානා වල ඉන්ධන ටැංකි තුලින්  සුන්බුන් කොටස් හමුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාරාන්තික අනතුරු සිදු වන බෝයිං 737 වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන බවත් නිෂ්පාදන පද්ධතිය වහා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් බෝයිං සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.  පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…

ඩෙනිස්  එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත. ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන්  දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි. ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්. විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා…

චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

කොවිඞ් නයින්ටීන් වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන ඇත. පාරජම්බූල කිරණවලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ. චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.