මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අදාල ප්‍රහාරය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්.  

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්

ඇමරිකාව සහ ඊශ්‍රායලය  තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා කමාන්ඩර් හුසේන් සලාම් සදහන් කරයි. සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි
|

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි

කොවිඩ් නයින්ටීන් ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් පුවත් සදහන් කරයි. මේ වන විට  ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්න බවද පැවසේ.  

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

වූහාන් නගරයේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත්  තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. මාධ්‍යවේදියා අන්තර් ජාලය ඔස්සේ සහ ජංගම දුරකතන මගින් ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළීබඳ තොරතුරු වාර්තා කර ඇති බව හෙළිවේ.

හමීඩා ලිංගික ශ්‍රමිකයන්ගේ ඉරණම වෙනස් කරයි

හමීඩා ලිංගික ශ්‍රමිකයන්ගේ ඉරණම වෙනස් කරයි

ලොව විශාලතම ගණිකා නිවාසයක සේවය කර ඇති හමීඩා බෙගම් හැටපස් වෙනි වියේ දී  ජීවිතයෙන් සමුගත් අතර ඇයට ආගමික චාරිත්‍රානුකූල අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් රැස් වී සිටියහ. බංගලාදේශයේ ලිංගික ශ්‍රමය ලබා දීම නීත්‍යානුකූල නමුත් ඉස්ලාම් කණ්ඩායම් ඔවුන් සඳහා ආගමික යාඥා පැවැත්වීම මෙතෙක් තහනම් කර තිබුණි. බංගලාදේශ ලිංගික ශ්‍රමිකයන් කඳුළු වගුරවමින් මෙම ඓතිහාසික අවස්ථාවට එක්…

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
|

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා.  ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත්  වැලන්ටයින්  වැඩසටහන් ප‍්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…

whatsapp

‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි

 ‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ. බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය…

කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි

කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට තීරණය කරයි. ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉහළ…

චීනයේ වනජීවීන්  නීතිය සංශෝධනය කිරීමට යයි
|

චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි  අවධානම පිළිබඳව  අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි  දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ  කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…

චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා

චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා

අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින්  චෝදනා එල්ල කර ඇත. සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි. සැකකරුවන් සම්බන්ධ…