වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි. වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන්  නගරය වෙත ගොස් නොමැත. වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන…

world health organization latest news

කොරෝනා ගැන සෙවීමට WHO කණ්ඩායමක් චීනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් චීනයේ නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට චීනය වෙත ළඟා වී තිබේ. ආචාර්ය බෘස් අයිල්වර්ඩ්ගේ නායකත්වයෙන් යුතු මෙම  විශේෂඥ වෛද කණ්ඩායම පැමිණිම ජාත්‍යන්තර කණ්ඩායම් මේ සඳහා යොමුවීමට අඩිතාලම දමනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
|

තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)

තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව සදහන් වෙයි. හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. ත්‍රස්ත  ප්‍රහාර රැසකට කාසිම් අල් රිමී සම්බන්ධ බව වාර්තා වෙයි.

බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි

බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි

තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා  ඇත. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්,…

ට්‍රම්ප්  නිදොස් කොට නිදහස්

ට්‍රම්ප් නිදොස් කොට නිදහස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. මේ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් ලබන නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවතිද බාධා ඉවත්ව යනු ඇත. සෙනෙට් සභාව හමුවේ පැවැති මෙම දෝෂාභියෝග විභාගය සැලකෙන්නේ අමෙරිකානු දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් ලෙසයි. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු වූවානම් ඔහුට ධුරයෙන් ඉවත්වීමට…

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට  වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට සමත්විය. ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන…

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි
|

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි

කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති. ආසාධිතයන් සංඛ්‍යාව ​සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම  සයන ප්‍රමාණයද හිඟ බව චීනය පවසයි. මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.

hiv

HIV එන්නත අසාර්ථකයි

ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහා අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්‍යාඥයන් පවසනවා. දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බව විද්‍යාඥයන් සදහන් කරයි. කෙසේ වෙතත්  අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි විද්‍යාඥයන් පවසයි.

අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකානු සහාය චීනය විසින් ප්‍රතික්ෂේප කරයි. වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය.