සෝමාලියාවේ හදිසි තත්වයක්

සෝමාලියාවේ හදිසි තත්වයක්

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි. මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි.  සෝමාලියාවේ පවතින ගැටලුකාරී ආරක්ෂක තත්වය හමුවේ, ගුවන් යානා භාවිතයෙන් පළගැටි උවදුර මැඩපැවැත්වීමට කෘමිනාශක ඉසීමට ද බාධා එල්ල වී ඇත.

බසන්ත් පංචමී වසන්ත සැණකෙළිය

බසන්ත් පංචමී වසන්ත සැණකෙළිය

සම්ප්‍රදායානුකුලව ශුද්ධ වූ ජලයේ ස්නානය කර වසන්තයේ ආරම්භය සනිටුහන් කිරීමට ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන බසන්ත් පංචමී (Basant Panchami) වසන්ත සැණකෙළිය අරඹයි. මෙම උත්සවයේදී කවදත් දැනුමට සහ ඉගෙනීමට අධිපති සරස්වතී දෙවඟන වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට හින්දූන්ගෙන්  හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.  

හෝලි ඇරඹෙයි

හෝලි ඇරඹෙයි

ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්‍රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.  

ජැමෙයිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ජැමෙයිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ජැමෙයිකාවේ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. භූකම්පනයෙන් පසුකම්පන ගණනක් ද ඇති වී තිබේ. සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව සදහන්වේ. භූ කම්පනයෙන් මෙතෙක් දේපළ හානි හෝ ජිවිත හානි පිළිබදව වාර්තා වි නොමැත.  

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති ලී ක්වැන්ග් මහතා  කොරෝනා වෛරස් රෝගය මුලින්ම වාර්තාවූ වූහාන් නගරයේ සංචාරයක නිරත විය. ඔහු රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහලට ගොස් රෝගීන් හා සේවා සපයන වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවිය.

ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

ඇෆ්ගනිස්තානයේ තාලේබාන් පාලන ප්‍රදේශයක දී  මගීන් 83දෙනකු රැගත් බෝයිං 737- 400 ගුවන් යානයක්  අනතුරට පත් වී තිබේ. ඝාස්නි දිස්ත්‍රික්කයේ දෙහ්යක් ප්‍රෙදේශයට ( Deh Yak) මෙම යානය කඩා වැටී ඇත. ගමන් ගත් මගීන් පිළිබඳ හෝ එම යානය පිටත් වූ හා ගමන් කරමින් සිටියේ කිනම් ප්‍රදේශයකට ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේස් පුවත් වාර්තා…

ග්‍රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට

ග්‍රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට

ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….

කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි

කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත.  සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා  වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…

තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියයයි 1000 කට තුවාල

තුර්කියේ භූමිකම්පාවකින් 21 ක් මියයයි 1000 කට තුවාල

නැගෙණහිර තුර්කියේ එලාසිග් ප්‍රදේශයේ භූමිකම්පාවකින් 21 දෙනකු මියගොස් 1000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි කාන්තාවන් පස් දෙනකු පැය 12 කට වැඩි කාලයක් කල මෙහෙයමුකින් බේරාගත් බව තුර්කි රජයේ පවසයි.

ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

ෆින්ලන්තයේ ජනගහනය ඉහළට

පසුගිය වසරේදී ෆින්ලන්තයේ ජනගහනය 9,654 කින් 5,527,573 දක්වා ඉහළ ගොස් ඇති බව ෆින්ලන්ත සංඛ්‍යාලේඛන ය විසින් අනාවරණය කර තිබේ. ජනගහන වර්ධනයට හේතු වී ඇත්තේ සංක්‍රමණ බවත්  රටට සංක්‍රමණය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,903 කින් ඉක්මවා ගිය අතර උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව 7,962 ඉක්මවා ඇති බව ෆින්ලන්ත මාධ්‍ය පවසයි.අපේක්ෂිත සමස්ත අනුපාතය වාර්තාගත අවම මට්ටමින් 1.35 ක් විය….