හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය

හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය

බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමට හැරී කුමරු සහ සිය දියණිය ගත් තීරණය සම්බන්ධයෙන් මේගන් මාකල්ගේ පියාවන තෝමස් මාකල් අප්‍රසාදය පළ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රවෘත්ති නාළිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණයෙන් සිය දියණිය බ්‍රිතාන්‍ය රජ පවුල අවතක්සේරුවට ලක් කර ඇති බවටයි. මේගන් මාකල්ගේ පියා සඳහන් කර…

සාර්ස් රෝගයට සමාන චීනයේ අබිරහස් වෛරසයට ගොදුරු වු පිරිස ඉහළට

සාර්ස් රෝගයට සමාන චීනයේ අබිරහස් වෛරසයට ගොදුරු වු පිරිස ඉහළට

චීනයේ වුහෑන් ප්‍රදේශයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් වෛරස්රෝගී තත්ත්වය වැළඳුනු රෝගින් 62 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  2002  චීනය සහ හොංකොංහි පුද්ගලයින් 650කට ආසන්න පිරිසකට මරු කැඳවු සාර්ස් රෝගි තත්ත්වයට සමාන බව ද වාර්තා වේ.

සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්

සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්

සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක  වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන්  සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.  

හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු මරුට

හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු මරුට

බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් හූති කැරලිකරුවන්  යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ රාජ්‍ය රූපවාහිනී නාලිකා ප්‍රකාශ කරයි.  

හැරී – මේගන් රාජකීය නම්බුනාම අත්හරී

හැරී – මේගන් රාජකීය නම්බුනාම අත්හරී

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියි. ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන් වෙයි . හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන…

හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි

හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි

යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි ඇති අවංකභාවය හා සැකය දුරු කිරිම සඳහා තමා අස්වීමට තීරණය කළ බවයි. මා විසින් සිදුකළ ප්‍රකාශයක් කූට අයුරින් සංස්කරණය කර රහසිගතව මුදා හැර ඇති බවත් එහි සඳහන් කර ඇත.  

chinaamerica

චීනය – ඇමෙරිකාව වෙළඳ ගිවිසුමක්

චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තබන ලදි. චීනය විසින්  ඇමෙරිකානු ගොවිපළ නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු සේවා මිලදී ගැනීම ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බව අමෙරිකාව සදහන් කරයි.

රුසියානු ආණ්ඩුව අහවරයි

රුසියානු ආණ්ඩුව අහවරයි

ජනාධිපති  පුටීන්ට එරට ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඉඩ සැලසීම නිසා තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය සදහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පුරවැසියන්ට සහ නිවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට විද්යුත්  මහජන පැමිණිලි සේවාවක් සෞදි ආරාබිය විසින් ආරම්භ කර තිබේ. බන්ධනාගාර අධීක්ෂණය සහ දඩුවම් බලාත්මක කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර උප ලේකම් ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-මුක්බෙල් පැවසුවේ නව සේවාව මගින් බන්ධනාගාර අධීක්ෂණය, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්…

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ. ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම…