හැරී-මේගන්ට නිදහස

හැරී-මේගන්ට නිදහස

හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු…

ටාල් ගිනිකන්දෙන් ලාවා පිටවීම ඇරඹෙයි

ටාල් ගිනිකන්දෙන් ලාවා පිටවීම ඇරඹෙයි

පිලිපීනයේ ටාල් ගිනිකන්දෙන් ලාවා විදීම ආරම්භ වී ඇත. ඉදිරි දින කිහිපයක් තුළ මෙම ගිනිකන්ද විනාශකාරී ලෙස විධාරණය විය හැකි බව එරට බලධාරීන්  පවසයි. ගිනිකන්ද විධාරණය වීම හමුවේ එය ඒ ආශ්‍රිත ප්‍රදේශ වෙත අනතුරුදායක තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන ඇත. සබැදි පුවත් – මැනිලා ගුවන් තොටුපල වැසෙයි

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ. පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ ටාල්  ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.

ඩුබායි නගරයට තද වැසි

ඩුබායි නගරයට තද වැසි

ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කරයි. ජල ගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස සහ මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති බවද සදහන් වේ. පැයට මිලි මීටර් 150 කට අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් 65 ඉක්මවූ තද…

යුක්රේන ගුවන් යානයට වෙඩි තැබිම අත්වැරදීමක්

යුක්රේන ගුවන් යානයට වෙඩි තැබිම අත්වැරදීමක්

යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. මෙම ගුවන් යානයේ මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර යානය වෙඩි වැදී බිම හෙළීමෙන් ඒ සියලු දෙනාම මිය ගියහ. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රත්ක්ෂේප කළ නමුත් අවසානයේදී “මානය අත්වැරදීමක්“ වශයෙන් එය පිළිගැනීමට ඉරානයට සිදුවිය….

ඕමානයේ සුල්තාන්වරයා මියයයි

ඕමානයේ සුල්තාන්වරයා මියයයි

අරාබි ලෝකයේ දීර්ඝතම කලක් පාලකයාව සිටි ඕමානයේ 79 හැවිරිදි සුල්තාන් ඛාබෝස් බින් සායිඩ් අල් සායිඩ් මියගොස් ඇත. පිලිකා රෝගයක් හේතුවෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දිගුකලක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සුල්තාන් වරයා නැවත ඕමානය වෙත පැමිණ ඇත්තේ පසුගිය මාසයේදීයි. 1970 වසරේ දී සිය පියාට එරෙහිව බ්‍රිතාන්‍ය යේ සහායෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් ඕමානයේ බලය අල්ලා ගත් සුල්තාන් ඛාබෝස්…

හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

හැරී මේගන් රාජකීයත්වයෙන් ඉවත්වීමට තිරණය කරයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරිමත් සමග  හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද විදෙස් වාර්තා සදහන් කරයි. මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍යයට ලබාදෙන බව හැරීකුමරු පවසයි.

ඕස්ට්‍රේලියා සංචාර ගැන ඒක්සත් ජනපදය අනතුරු හඟවයි

ඕස්ට්‍රේලියා සංචාර ගැන ඒක්සත් ජනපදය අනතුරු හඟවයි

එක්සත් ජනපදය තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියාවට යන විට වැඩි අවධානයක් යොමු කරන ලෙස අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාව සඳහා වන සංචාරක උපදේශනය “දෙවන මට්ටම” දක්වා ඉහළ නංවා ඇති අතර “වැඩි ප්‍රවේශම් වන්න” යනුවෙන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටියි. “ස්වාභාවික විපත් වල අන්තරාය පහව යන තුරුම සංචාරකයින් තම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගමන් කිරිම කල් තැබීම…

ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළේය. ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි. ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව බවද සදහන්ය.  

යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි

යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට  යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය. යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති…