ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. 2019 වසරේ වාර්තා වී ඇති ගුවන් අනතුරු මරණ සංඛ්‍යාව 257 ක් වන අතර 2018 වසරේ එම සංඛ්‍යාව 534 ක් වෙයි.  

සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරයට

සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරයට

සමාජවාදී පක්ෂයේ කැබිනට් සාමාජික සිමොනෙටා සොමාරුගා ස්විට්සර්ලන්ත ජනාධිපති ධුරය භාර ගත්තාය. 59 හැවිරිදි සොමරුගා ධනවත් ඇල්පයින් ජාතියේ විධායක ශාඛාව වන ස්විට්සර්ලන්තයේ සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ෆෙඩරල් කවුන්සිලයේ පරිසර, ප්‍රවාහන, බලශක්ති හා සන්නිවේදන අමාත්‍යවරිය වේ. ඇය මීට පෙර අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ 2010 සිට කවුන්සිලයේ අසුන්ගෙන ඇත. දක්ෂිණාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂයේ (එස්වීපී) මුදල් ඇමති උයිලි මොරර්ගෙන්…

නව වසරේ අලුත් බබාලා 392078 ක්

නව වසරේ අලුත් බබාලා 392078 ක්

2020 නව වසර උදාවීමත් සමඟ ලොවපුරා දරුවන් 392,078 දෙනෙකු උපත ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පැසිෆික් සාගරයේ ෆීජි දුපත්හි පළමු දරුවා උපත ලබා ඇති අතර එක්සත් ජනපදයේ අවසන් දරුවා බිහිව තිබේ. වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ 67385 කි. යුනිසේෆ් සංවිධානය සඳහන් කරන ආාකරයට 2018 වසරේදි උපත ලද දරුවන් සංඛ්‍යාවෙන්…

අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්

අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්

නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ  විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට…

වසා දමා තිබූ බිග්බෙන් ඔරලෝසුව 31 මධ්‍යම රාත්‍රියේ නාද වෙයි

වසා දමා තිබූ බිග්බෙන් ඔරලෝසුව 31 මධ්‍යම රාත්‍රියේ නාද වෙයි

 2017 වසරේ සිට  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසු කුළුණු සීනුව දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි. නැවත 2021 වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම දෙකක් වැය කරමින් කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි.

ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි

ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි

ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් නව දඩුවම් ක්‍රමයක් හදුන්වා දීමට චීනය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට පනවා ඇති කාන්තාවකට එරෙහිව ඇමරිකානු ඩොලර් 540 ක දඩමුදලක් සමඟ සිර දඩුවම් නීතිය අවලංගු වන බව චීන රජය පවසයි. ගණිකා වෘත්තියේ යෙදෙන චීන කාන්තාවන්ට  වසර දෙකක පුහුණුවක් ලබාධීමටත්, ඉන් අනතුරුව ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමටත්  නව නීති…

මැදපෙරදිගට යුද නෞකා යවන්න ජපානයෙන් තීරණයක්

මැදපෙරදිගට යුද නෞකා යවන්න ජපානයෙන් තීරණයක්

මැදපෙරදිග කලාපය වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපාන රජය තීරණය කර ඇත. සිය වෙළෙද නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඒ වෙත යුද නෞකා පිටත්කර යැවීමට ජපානය තීරණය කර ඇත. හෙලිකොප්ටර් යානාවලින් සමන්විත යුද නෞකා සහ ඊට අමතරව ප්‍රහාරක ගුවන්යානාද අදාළ කලාපය වෙත යොමුකිරීමට ජපාන රජය කටයුතු කර ඇත. ගල්ෆ් කලාපයට අයත් හෝමූස් සමුද්‍ර සන්ධිය හැර…

සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට

සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට

රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබේ. මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි. සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක්  ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින බව සදහන් වේ.  

ඉරානය – චීනය – රුසියාව නාවික යුද අභ්‍යාස අරඹයි

ඉරානය – චීනය – රුසියාව නාවික යුද අභ්‍යාස අරඹයි

ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසයේ අරමුණ සාමය, මිත්‍රත්වය සහ සහයෝගීත්වය හා එකමුතුව තුළින් දිගුකල් පවත්නා ආරක්ෂාව තහවුරු කිරීම යැයි ඉරාන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් ගෝලමේ‍රසා තහානි පැවැසීය.