චීනය සහ අමෙරිකාව අතර තවත් ගිවිසුමක්

චීනය සහ අමෙරිකාව අතර තවත් ගිවිසුමක්

අමෙරිකාව සහ චීනය අතර අත්සන් තැබීමට නියමිත නව වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇත. අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මෙම ගිවිසුම වැදගත් වන බවයි. මෙම ගිවිසුම ලෝකයට තවත් ගැටලු කිහිපයක් අලුතින් නිර්මාණය කිරීමට හේතුවිය හැකි බව ලෝක ආර්ථික විචාරකයින් මත පළකරයි.

කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි. යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී තිබේ.  

වයින් විස වී 11 ක් මරුට 300 ක් රෝහල් ගතකරයි

වයින් විස වී 11 ක් මරුට 300 ක් රෝහල් ගතකරයි

පිලිපීනයේ පොල් වලින් නිපදවන ලද වයින් වර්ගයක් විෂවීම හේතුවෙන් පුද්ගයින් 11 දෙනකු මියගොස් 300 ක් රෝහල් ගතකර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි. මැනිලා නගරයට දකුණින් පිහිටි ලගුනා සහ ක්විසෝන් යන පළාත් දෙකෙන් මෙම මරණ වාර්තා වන අතර නත්තල් උත්සව සැමරුම් අවස්ථාවලදී මෙම වයින් පානය කර ඇති බව සඳහන් වේ.

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

දෙවියන් වහන්සේගේ ආදරය සැමට සමාන බව පාප් වහන්සේ පවසයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.  දෙවියන් වහන්සේ සමාජයේ සෑම කෙනෙකුටම ආදරය දක්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය හොඳ නරක පුද්ගලයින් ලෙස බේදයක් නොමැති බවයි.  

|

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…

පියවරුන්ට දියණියන් විවාහ කර ගන්න අවසර හිමිවේ

පියවරුන්ට දියණියන් විවාහ කර ගන්න අවසර හිමිවේ

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බවයි වාර්තා වන්නෙ. මෙම පනත…

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය

අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන…

badweather

එල්සා සුළි කුණාටුවෙන් 5ක් මරුට

ස්පාඤ්ඤය හා පෘතුගාලය හරහා හමාගිය එල්සා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ. ගස් හා විදුලි කණු කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයකට හානි සිදුවී ඇති බව සඳහන් වේ. ඉදිරියේදි කාළගුණ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට විදෙස් වාර්තා අනතුරු අඟවති.

වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

විප්ලවවාදි නායක ෆිදෙල් කැස්ත්‍රෝ 1976 වසරේ දි අගමැති ධුරය අහෝසි කල පසු  කියුබාවට අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. කොමියුනිස්ට්ස් පාලනය මගින් සම්මත කරගත් පනත මඟින් නව අගමැතිවරයෙකු සඳහා අවස්ථාව ලබාගෙන තිබෙනවා. එරට ජාතික සභාවේ නියෝජිතයන් අගමැතිවරයාගේ පත් කිරිම ඒකමතිකව අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.