වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක්

විප්ලවවාදි නායක ෆිදෙල් කැස්ත්‍රෝ 1976 වසරේ දි අගමැති ධුරය අහෝසි කල පසු  කියුබාවට අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. කොමියුනිස්ට්ස් පාලනය මගින් සම්මත කරගත් පනත මඟින් නව අගමැතිවරයෙකු සඳහා අවස්ථාව ලබාගෙන තිබෙනවා. එරට ජාතික සභාවේ නියෝජිතයන් අගමැතිවරයාගේ පත් කිරිම ඒකමතිකව අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ

දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ

දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය. අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය. “දේශගුණික විපර්යාස…

යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි

යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි

යේමනයේ අරාබි සන්ධානයේ ඒකාබද්ධ සිදුවීම් තක්සේරු කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් රටේ හමුදා මෙහෙයුම් වලදී සභාග හමුදා විසින් සිදුකරන ලද මාරාන්තික වැරදි සම්බන්ධයෙන් කරන ලද චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ. රියාද්හි සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජියාට් ප්‍රකාශක මන්සූර් අල් මන්සූර් සිද්ධීන් හතරක් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල…

දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය

දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
|

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය

ප්‍රංශයේදී  නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…

විරෝධතාවලට වෙඩි

විරෝධතාවලට වෙඩි

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. “අපි 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 2,000ක වැඩි පිරිසක් මේ වනවිට රැඳවුම් භාරයේ සිටිනවා. අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විඩියෝ පට…

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ…

ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය කිරිමේ විශේෂඥයින් විසින් ඉවත් කිරිම නිසා ඉතාලියේ දකුණේ බ්‍රින්ඩිසි හි 50,000 කට අධික පිරිසකට සිය නිවාස වලින් ඉවත්ව යාමට සිදුව තිබේ. සිනමා ශාලාවක්  අලුත්වැඩියා කටයුතු අතරතුර ඉදිකිරීම් කම්කරුවන් විසින් සොයා ගන්නා ලද බ්‍රිතාන්‍ය බෝම්බය 1941 දී වරාය නගරයට හෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ. බෝම්බය සොයාගත් ස්ථානයේ සිට මීටර් 1,617…

ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා
|

ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ. තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ…

තායි සම්බාහන යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට

තායි සම්බාහන යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට

තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ. සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත. මෙම ලැයිස්තුවට සාමාන්‍යයෙන් ඇතුලු කරන්නේ අනාගත පරම්පරාව දක්වා රැගෙන යායුතු බවට සැලකෙන සංස්කෘතික උරුමයන් පමණයි. මේ අනුව, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය තීරණය කර ඇත්තේ, තායි සම්බාහන ශිල්පයද…