නවසීලන්තයේ  වයිට් අයිලන්ඩ්හි  ගිනි කන්ද  සක්‍රීය වීමෙන් මිය ගිය ගණන ඉහළට

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි ගිනි කන්ද සක්‍රීය වීමෙන් මිය ගිය ගණන ඉහළට

වයිට් අයිලන්ඩ් ගිනිකන්ද පුපුරා ගොස් ඇති අතර, 14දෙනකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙහිදී 25 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත. එරට බලධාරීන් පවසන්නේ විශේෂ කණ්ඩායමක් ඊයේ සිදුකළ සෝදිසියකදී මළ සිරුරු 06ක් සොයාගත් බවයි. තවත් පුද්ගලයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙයි.

මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. බලධාරීන් විශ්වාසය පළකරන්නේ, ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන්ගෙන් 21දෙනෙක් මගීන් වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවේ සේවය සඳහා යමින් සිටි පිරිසක්. ඉතිරි 17දෙනා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව සඳහන්….

ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක

ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක

ඒක්සත් ජනපදය හා ඉරානය ස්විට්සර්ලන්තය අතර සිරකරුවන් දෙදෙනෙකු ඉකුත්දා හුවමාරුව කර ගෙන ඇත. ඉරානයේ වසර තුනක් රඳවාගෙන සිටින චීන-ඇමරිකානු මිනිසෙකු වන ෂියූ වැන්ග් සහ එක්සත් ජනපදයේ රඳවා සිටින මැසූඩ් සොලෙයිමනීට ඔවුන්ගේ ඥාතීන් සමඟ ඒක් වීමට හැකි වු බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ දී අත්අඩංගුවට…

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ
|

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් මෙම සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත්…

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
|

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද  පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්
|

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්

එක්සත් ජනපදයේ පළමු ද්විවාර්ෂික ආරක්ෂක වාර්තාවට අනුව, 2018 දී උබර් සමාගම වෙත ලිංගික අතවර පිළිබඳ වාර්තා 3,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. උබර් ටෝනි වෙස්ට් හි ප්‍රධාන නීති නිලධාරි ප්‍රකාශ කළේ බොහෝ සමාගම් ලිංගික හිංසනය වැනි කාරණා ගැන කතා නොකරන බවත්  සෘණාත්මක අවදානම් හෝ මහජන විවේචන  ගැන ඔවුන් බිය වන බවයි. වෙස්ට් පවසන්නේ සමාගමට මෙම…

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!
|

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!

සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ. දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා  කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද   පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි. දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක්…

ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට

ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට

ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත. වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි. සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිරයන…

ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
|

ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ

ස්විට්සර්ලන්තයේ  ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් අගමැතිට ලිපියක්
|

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් අගමැතිට ලිපියක්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී. වැඩිහිටි පරම්පරාවට බාල පරම්පරාවෙන් ලැබුණු මේ පණිවුඩයෙන්…