තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි
|

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි

තුන් වැනි චාල්ස් රජු ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතූ අතර එවැන්නක් කළ පළමු බ්‍රිතාන්‍ය රජ බවට ඔහු පත් විය. රජු සිය කතාවේ දී පසුගිය සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත වූ තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ….

donal trump
|

රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…

e news paper
|

හැරී කුමරු පුවත්පතකට එරෙහිව ලන්ඩනයේදී නඩු මඟට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් පසුගියදා ලන්ඩන් මහාධිකරණයේ දී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා. ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි. ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික…

earthque
|

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

earthque
|

ප්‍රබල භුමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්
|

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන…

රුසියානු ජනාධිපති  පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි
|

රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර…

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි
|

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ…

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
|

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්
|

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්

නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ…