බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
|

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ

බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…

සික් ආගමේ සංවත්සරය සැමරේ
|

සික් ආගමේ සංවත්සරය සැමරේ

සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක්  පවත්වා තිබේ. සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන්…

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ. ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර…

වැස්සෙන් ඩුබායි මෝල් යටවෙයි

වැස්සෙන් ඩුබායි මෝල් යටවෙයි

ඩුබායි රාජ්‍යයට  ඇද හැලුණු ධාරාණිපාත  වර්ෂාවෙන්  ලෝකයේ  විශාලතම සාප්පු සකීර්ණයක්  වන ඩුබායි මෝල්   සාප්පු සංකීර්ණය වර්ෂා ජලයට යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාප්පු  සංකීර්ණයේ රැදී පවතින  ජලය ඉවත් කිරීමේ කටයුතු   එහි නිලධාරීන්  විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බව ද සදහන් වෙයි.

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට

ජර්මනිය  සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි. ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වීමට නියමිතව තිබේ….

හොංකොං පාලනයට විරෝධය

හොංකොං පාලනයට විරෝධය

මුහුණු ආවරණ තහනම් කිරීමට හොංකොං රජය ගත් තීරණයට විරෝධය පළකරමින්  එහි  විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සිසුන් කළු මුහුණු ආවරණ පැළඳගෙන සහභාගී වී තිබේ. සිසුන් 1000ක් පමණ එම අවස්ථාවට එක්ව සිටි බහුතරයක් දෙනා කළු මුහුණු ආවරණ පැළඳ සිටි බව හොංකොං මාධ්‍ය පවසයි. සිසුන් “හොංකොං නිදහස් කරනු”, “විප්ලය ඇරඹී ඇත” යනුවෙන් සඳහන් පුවරු අතැතිව උපාධි ඇඳුමින් සැරසුණු…

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා  පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී  සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන්  පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි  9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්‍රි ලංකා…

හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

හැලොවින් සාදයක් ජිවිත තුනක් බිලිගනියි

ඇමරිකාවේ පැවති හැලෝවින් සාදයක් අවස්ථවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය පවසයි. මළවුන්ගේ දිනය සරමින් පැවැත්වෙන හැලෝවින් සාද බටහිර රටවල ඉතා ජනප්‍රිය අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන්…