බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුරපසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. චූලෝදර හා මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරිම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට දෙවන වර වැඩම කිරීම බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදු…

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි
|

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු…

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්
|

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබෙනවා. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක්…

weather in today

ප්‍රදේශය කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්…

e news sri lanka

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබේ. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් වීශේෂ සැමරුම් උත්සවයක්
|

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් වීශේෂ සැමරුම් උත්සවයක්

මෙයට වසර පහකට පෙර එල්ලවු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් හා එයින් තුවාල ලැබු පිරිසට සෙත් පතමින් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි 21වන දින වීශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදි එම බෝම්බ ප්‍රහාරය එල්ලවන අකාරය විදහා දැක්වෙන විථි…

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් උද්ගෝෂණ
|

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් උද්ගෝෂණ

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂණ කිපයක් වතුකරයේ නගර කිපයක 21වන දින පවත්වන ලදි. දික්ඔය, මස්කෙළිය, ඇතුළු නගර කිපයක මෙම උද්ගෝෂන පැවති අතර මෙහිදි හැටන්, දික්ඔය, නොර්වුඩ්, මස්කෙළිය, ඇතුළු නගර කිපයකම කලු කොඩි ඔසවා තිබු අතර මෙම නගරවල සමහර වෙළද සැල් දහවල් වන තෙක් වසා දැමිමටද…

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි
|

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි

සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි. හැටන් සිටික් ආයතනය මගින් 20වන දින…

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්
|

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා…

Water_Cut

ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.