පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්
|

පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදැක්වීය. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර,…

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව කියපු කතාව
|

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව කියපු කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස මෙරටට හා මෙරට ජනතාවට උපකාර කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා ඇගයීමක්‍ සිදු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසන්නේ…

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම්
|

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම්

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වෙයි. ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල, නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව…

badweather
|

වාරිමාර්ග ඇමතිගෙන් නිලධාරීන්ට දැනුම්දීමක්

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…

dailyreporter
|

අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කරයි

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරුණි. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

telephone
|

හදිසි ආපදා වාර්තා කිරීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 04ක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංක මගින් එම තොරතුරු දැනුම්දීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම [email protected] යන විද්‍යුත්…

වසර 4 කට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්
|

වසර 4 කට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ. 2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටළු විසඳා ගැනීම සඳහා…

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය කොටගල සිරි පැරකුම් විද්‍යාලයට
|

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය කොටගල සිරි පැරකුම් විද්‍යාලයට

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ රන් පදක්කම් 03ක් හා රිදි පදක්කමක් දිනා ගනිමින් බාලිකා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනිමට නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය සමත්ව ඇත. නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා ඉතිහාසය වෙනස් කරමින් කණ්ඩායම් තරගයක කොටගල සිරි පැරකුම් විදුහල කණ්ඩායම් තරගයක සමස්ථ ශූරතාවය දිනා ගත් පලමු අවස්ථාවද මෙය වනු ඇත. මෙම විදුහලේ…

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
|

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින්…

සයිබර් අපරාධ කඳවුරක සිටි ලාංකිකයන් 32ක් බේරා ගනී
|

සයිබර් අපරාධ කඳවුරක සිටි ලාංකිකයන් 32ක් බේරා ගනී

මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 32ක් බේරාගෙන ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන්කරයි. මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 24 ක් සහ කාන්තාවන් 08 දෙනකු සිටින බව පැවසේ. මෙම කණ්ඩායම ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමග සම්බන්ධීකරණය කිරීමට…