පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!
|

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!

පොලිස්පති නිල කාර්‍යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව මහජනතාව විසින් පොලිස් ස්ථාන සහ අදාල ක්‍රියාකාරි කොට්ඨාස වෙතින් පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීමේ දී සහ ලබා ගැනීමට…

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්
|

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස්…

අද කාලගුණය
|

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර  කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු…

ඇල්ල – නිල්දිය පොකුණ වසා දමයි
|

ඇල්ල – නිල්දිය පොකුණ වසා දමයි

බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්. මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සිය රැකියාවේ නිරත වන ත්‍රිරෝද රථ රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු වී තිබේ.වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව අද…

rice
|

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි.

ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්
|

ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්. දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළේ අද සිට 31වනදා දක්වා ගාලු…

2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි
| |

2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි

වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති…

ත්‍රිමලේ මුහුදෙන් ඩ්‍රෝන යානයක් හමුවෙයි
|

ත්‍රිමලේ මුහුදෙන් ඩ්‍රෝන යානයක් හමුවෙයි

ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි එම ඩ්‍රෝන යානය මෙරට යානයක් නොවන බව සඳහන් ය. එම ඩ්‍රෝන යානය පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන්හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ ය. මෙසේ හමුව ඇති…

දුම්රියට 160යි
|

දුම්රියට 160යි

දුම්රිය දෙපාර්තමේන්තුවට අදට (27) වසර 160ක් සපිරේ. ඒ වෙනුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) පෙ.ව. 9.00ට සමරු උලෙළක්ද පැවැත්වේ. ඒ වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී අද පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේන අතර, දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන්ද සංවිධානය කර ඇත. මේ අතර සුනාමියට…

credit-card
|

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන…