athurudahan
|

දේශීය ක්‍රමවේදයකින් විසදුම් නැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7යි

යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු – නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ඊයේ (20) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය. කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ…

වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තබයි
|

වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තබයි

ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කම්කරුවන් සදහා ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තැබිම 19වන දින හැටන් කලාපයේ ස්ථාන 09කදි සිදු කරන ලදි. මෙම යෝජනා ක්‍රමය යටතේ හැටන් කලාපයේ වතු නවයක නිවාස තුන්සිය පහක් (305) ඉද්කිරිමට යෝජිත අතර එහි  එක් ප්‍රධාන උත්සවයක් කැළනි වැලි වැවිලි සමාගමට අයත් ඇන්ෆිල්ඩ් වතුයායේදි සිදු කරන ලදි. මෙම වතුයායේ…

dailyreporter
|

ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහයක් – ප්‍රසංග ප්‍රනාන්දු

කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි. ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි. මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් ඊයේ (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම…

pta
|

BREAKING NEWS – ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

BREAKING NEWS ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයට පැමිණි තරුණයන් 13ක් අත් අඩංගුවට

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත‍ හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව…

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්
|

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය ⁣පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….

dailyreporter
|

ලෝකයේ ඉහළම සම්මානයක් චන්න ජයසුමනට.!

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන වෙත පිරිනමා ඇත. අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මත මෙම සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට පිරිනමා ඇත….

Climate change

නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිිි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-35) පමණ තරමක…

ranjith-siyabala-pitiya
|

ණය ප්‍රතිව්‍යුහගතකරණය එළඹෙන ජුනි මාසයේදී අවසන් කිරීම රජයේ ඉලක්කයයි

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2022 වර්ෂයේදී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ…

උතුර – උතුරු මැද සහ නැඟෙනහිර ඒකාබද්ධ කරමින් නගර ව්‍යාපෘතියක්

උතුර – උතුරු මැද සහ නැඟෙනහිර ඒකාබද්ධ කරමින් නගර ව්‍යාපෘතියක්

උතුර – උතුර මැද සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් විසල් අනුරාධපුර නැමති නගර ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. දුම්රිය පදනම් කරගත් ප්‍රවාහන සේවාවක් රට මැද ක්‍රියාත්මක කිරීම එමඟින් සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.