බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්
දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය. ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය. ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය….