ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි. 2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය….