ranjith-siyabala-pitiya
|

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව සියඹලාපිටිය කියයි

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; වැවිලි, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන…

cricket
|

ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…

dailyreporter
|

නව පොල් ත්‍රිකෝණයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව රන්න, වීරකැටිය හා වළස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ. ඒ අනුව ගොවි ජනතාවට තම ගෙවතුවල පොල් පැළ රෝපණය සඳහා එක් නිවසකට පොල් පැළ…

nas-daily
|

ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ

ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය…

dailyreporter.lk
|

වලේ වැටුන ආජන්ටිනාව ගොඩ එන්නට අළුත් ඉනිමගක් සොයාගනී

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ. රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධා‍රියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති…

slparli

විනයක් නැති මන්ත්‍රීවරුන්ට දඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම පනත හරහා සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි බවයි ඔහු සඳහන් කළේ. මීට අමතරව අදාළ මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබේ.

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින බඹර කුඩු හේතුවෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ආරම්භක විහාරස්ථානයේ බුදු පිලිමයේ හා එම බුදු මැදුර තුලද මේ වන විට බබර කුඩු බැද ඇති අතර එහි සිටින බබරුන්ගෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන්ට විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය…

mobitel zoom package

විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි

ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන…

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි….

online

ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්

ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.