mobitel zoom package

විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි

ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන…

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි….

online

ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්

ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
|

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

imf lanka c news sinhala

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේදි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු…

ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්

ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්

රජය විසින් පාසල් සිසුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සකස් කරමින් සිටින බව වාර්තාවෙයි. ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිමින් විෂය නිර්දේශය සකස් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසයි. නව විෂය…

dailyreporter.lk
|

සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

ඉදිරි ජනාධිපතිවරණයේ ඉරණම ඉමියුනොගොලොබියුන් වංචා නඩුවෙන් විසඳෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ; ජර්මනියේ නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසුව තත්ත්ව පරීක්ෂණවලින් තොරව මිනිසුන් සඳහා ඖෂධයක් භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන නඩුව වනු ඇති බවයි. වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ඉමියුනොගොලොබියුන් ලබාදීමෙන් පුද්ගලයන්…

dailyreporter.lk

විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති අතර කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට ලගා වෙමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කෙටි…

www.dailyreporter.lk

එළවළු මිල තව දුරටත් ඉහලට

එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයටන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අලු කෙසල් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, බිට් ක්‍රිලෝව රුපියල් 300ත් 340ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල්…